Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – ජීවිත 6ක් අහිමි වෙයි
    Featured

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 6ක් අහිමි වෙයි

    By LFNDecember 17, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ (16) මෙම අනතුරු සිදුව තිබුණේ, හලාවත, කුලියාපිටිය, පුල්මුඩේ, දවුලගල, මිහින්තලය සහ සීගිරිය යන පොලිස් වසම්වලදීය.

    හලාවත පොලිස් වසමේ කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයේ මයික්කුලම ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගමන් කළ මගියෙකු බස් රථයේ ඉදිරිපස දොරෙන් ඇද වැටී එම බස් රථයටම යටවීමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ මගී පුද්ගලයා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර කුලියාපිටිය – හෙට්ටිපොල මාර්ගයේ කරගහගෙදර ප්‍රදේශයේදී මෝටර් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදියක ගැටී මෝටර් රථය විදුලි රැහැන් කණුවක ද ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකාරිය, පසුපැදිකාරිය හා මෝටර් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකාරිය මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, මූණමල්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි කාන්තාවකි.

    මේ අතර පුල්මුඩේ බෝගස් හන්දිය මාර්ගයේ කිලෝමීටර් 14 කණුව ආසන්නයේදී යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ බහාලුම් ප්‍රවාහන ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා පුල්මුඩේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගෝස ඇත්තේ, මහසෙන්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර දවුලගල – පිළිමතලාව ප්‍රධාන මාර්ගයේ පමුණුව ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක ගමන් කළ මගී කාන්තාවක් බස් රථයෙන් බැසීමට යාමේදී ඇද වැටීමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ එම කාන්තාව පමුණුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, 75 හැවිරිදි කාන්තාවකි.

    මේ අතර මාතලේ හන්දිය – ගල්කුලම දක්වා ඇති මාර්ගයේ කුරුන්දන්කුලම ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර දඹුල්ල – හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී යතුරුපැදියක් කැබ් රථයකට ඉස්සර කිරීමට යාමේදී කැබ් රථය හා යතුරු පැදිය මාර්ගය හරහා ගමන් කළ වන අලියකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරු,කැබ් රථයේ රියදුරු හා රිය සහයක තුවාල ලබා ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරු පැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, දිගම්පතහ ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202604 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.