Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පද්මේගෙන් තවත් ඔත්තුවක්
    Featured

    පද්මේගෙන් තවත් ඔත්තුවක්

    By LFNDecember 17, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරන පාතාල කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් හා පතොරොම් තොගයක් සොයාගෙන තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරුට අයත් ගිනිඅවියක් ඇතුළු දේපොළ දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු භාරයේ මෙරට සඟවා ඇති බවට අනාවරණය වී ඇත.

    ඒ අනුව, විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, ටී 56 අවි සඳහා යොදන පතොරොම් ගැබ් 02ක්, ටී 56 වර්ගයේ ජීව පතොරොම් 267ක් මෙලෙස සොයාගෙන තිබේ.

    එ‍ඬේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කර එහි සඟවා තිබූ මෙම ගිනිඅවිය සහ පතොරොම් තොගය සොයාගෙන ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පොලිස් විශේෂ කාර්ය බළකා කැලණිය කඳවුරේ නිලධාරින්ගේ ද සහාය ඇතිව මෙම මෙහෙයුම සිදුකර තිබුණි.

    ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමති සැකකරු මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202604 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.