Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

    January 31, 2026

    විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

    January 31, 2026

    සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක්

    January 31, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගැටුමකින් 17 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට
    Featured

    ගැටුමකින් 17 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට

    By LFNOctober 2, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහවෙල, මඩවල උල්පත ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර අති වු ගැටුමකින් තරුණයෙකු මියගොස් තිබේ.

    පොලීසිය පැවසුවේ පොලුවලින් සහ ආරක්ෂිත හිස් වැසුමකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.

    ඝාතනයට ලක්ව ඇත්තේ 17 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකි.

    පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

    ඝාතනයට අදාලව මඩවල උල්පත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු යකඩ ඉන්නක්, ආරක්ෂිත හිස්වැසුමක් සහ තියුණු ආයුධ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

    අනෙක් සැකකරුවන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහවෙල පොලීසිය මඟින් විමර්ශන ක්‍රියාත්මකයි.

    මේ අතර, ඇහැළියගොඩ පොලිස් වසමේ, රංගේගම ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු නිවසේ සිටි පුද්ගලයෙකුට කඩුවකින් සහ හෙල්ලකින් ඇන බරපතළ තුවාල සිදුකර තිබේ.

    පසුව තුවාලකරුව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර සිටිය දී මියගොස් ඇත.

    පොලීසිය සඳහන් කළේ, ඊයේ (01) අලුයම් කාලයේ දී අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

    එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 65ක් වූ තැළුම්පිටිය, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මරණකරු හා සැකකරුවන් අතර පැවති පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වුණි.

    ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි සැකකරුවෙක් ඝාතනයට යොදාගත් බවට සැක කෙරෙන කඩුවක් සහ උල්ආයුධයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

    තවත් සැකකරුවෙක් ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලීසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

    January 31, 2026

    විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

    January 31, 2026

    සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක්

    January 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

    January 31, 202606 Views

    වහාම ක්‍රියාත්මක වනපරිදි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ස්ථාන මාරුකිරීම් සිදුකර තිබේ. ජාතික පොලිස් කොමිෂන්…

    විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

    January 31, 2026

    සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක්

    January 31, 2026

    දිට්වා නිසා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳ නව චක්‍රලේඛයක්

    January 31, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.