Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති අස්වැසුමට කළ යෝජනාවලියට කැබිනට් අනුමැතිය
    Featured

    ජනපති අස්වැසුමට කළ යෝජනාවලියට කැබිනට් අනුමැතිය

    By LFNAugust 1, 2023No Comments2 Mins Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද වැඩ පිළිවෙල සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දී තිබේ.

    සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම වැඩසටහන සඳහා මූලික වටයේදී ප්‍රතිලාභීන් 1792265 ක් තෝරාගෙන ඇති අතර ඒ අතුරින් අභියාචනා හෝ විරෝධතා ලැබී නොමැති ප්‍රතිලාභීන් 1588835 ක් සඳහා ගෙවීම් කිරීම ඇතුළු යෝජනා හයක් සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත.

    එලෙස කැබිනට් අනුමැතිය ලැබුණු යෝජනා මෙසේය.

    ප්‍රතිලාභීන් වශයෙන් තෝරාගෙන ඇති එහෙත් ඉහළ කාණ්ඩයකට ඇතුළත් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති ප්‍රතිලාභීන් 84374 දෙනකුට ඔවුන්ගේ අභියාචනා සමාලෝචනය කර අවසන් තීරණයක් ලබාදෙන ලෙස තෙක් ඔවුන් දැනට තේරී ඇති කාණ්ඩ යටතේ හිමි ප්‍රතිලාභ ගෙවීම, තෝරාගනු ලැබ ඇති ප්‍රතිලාභීන් අතුරින් 119056 දෙනකුට එරෙහිව විරෝධතා ඉදිරිපත් වී ඇති අතර එම විරෝධතා සම්බන්ධයෙන් පවත්වනු ලබන සමාලෝචන ක්‍රියාවලිය අවසන් වන තෙක් ඔවුන්ට හිමි ප්‍රතිලාභ ගෙවීම,

    වැඩසටහන යටතේ ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති එහෙත් තෝරාගෙන නොමැති දැනට සමෘද්ධි ප්‍රතිලාභ භුක්ති විඳින 393097 දෙනකුට අස්වැසුම වැඩසටහන යටතේ අභියාචනා සහ විරෝධතා සමාලෝචන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් ඔවුන්ට සමුර්ධි වැඩසටහන යටතේ ප්‍රතිලාභ ගෙවීම් කිරීම,

    දැනට වකුගඩු රෝග ආධාර සහ ආබාධිත ආධාර ලබන ප්‍රතිලාභීන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරියටත් ගෙවීම් සිදුකිරීම සහ වැඩිහිටි ආධාර තැපැල් කාර්යාල මගින් තවදුරටත් ලබාදීම,

    රැකබලා ගන්නා නිවාස වල හෝ ආගමික සිද්ධස්ථාන වල සිටින වකුගඩු රෝගයෙන් පෙළෙන ආබාධිත හෝ වයෝවෘද්ධ පුද්ගලයන් 11660 දෙනකු සඳහා අදාල ප්‍රතිලාභ තවදුරටත් ගෙවීම එම යෝජනාවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 20250116 Views

    සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන…

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.