Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඇප තැන්පත් කිරීමේ කාලය අදින් අවසන්
    Hot News

    ඇප තැන්පත් කිරීමේ කාලය අදින් අවසන්

    By LFNJanuary 20, 2023No Comments2 Mins Read217 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය අදින් අවසන් වෙයි.

    කෙසේ වෙතත් මැතිවරණ කොමිසම සඳහන් කළේ අද දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරිමේ හැකියාව පවතින බවය.

    ඊයේ දිනය වනවිට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

    පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා ලබන 21 වැනිදා දහවල් 12 දක්වා භාරගැනීමට නියමිතය.

    ඊයේ දිනය තුළ දේශපාලන පක්ෂ 10ක් නාමයෝජනා භාරදී තිබේ.

    ජාතික ජන බලවේගය මාතලේ, පුත්තලම, අනුරාධපුර, පොළාන්නරුව, බදුල්ල, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නාමයෝජනා භාර දී ඇත.

    මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ ඊට අමතරව නිදහස් ජනතා පෙරමුණ , එක්සත් ජාතික නිදහස් පෙරමුණ තමිල්මක්කල් විඩුතලෛයි පුළිකල්, ජනසෙත පෙරමුණ, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ එක්සත් සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් පළාත් පාලන ආයතන කිහිපයකට ඊයේ දිනයේ නාමයෝජනා භාර දී ඇති බවය.

    මේ අතර ඇප මුදල් තැන්පත් කිරිම ආරම්භ වු දිනයේ සිට මේ දක්වා පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි 15ක් පමණ ලැබී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

    පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ රාජ්‍ය බලය භාවිත කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් මේ දක්වා ලැබී ඇති බවය.

    දේශපාලන නියෝජිතයන් කුමන ප්‍රකාශ සිදුකළ ද මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත සම්මත කිරිම හරහා ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණයට බලපෑමක් එල්ල විය හැකි බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙයි.

    මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වු අතර එහිදි ඊට පක්ෂව ඡන්ද 97ක් සහ විපක්ෂව ඡන්ද 36ක් ලැබී තිබුණි.

    ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම හරහා මැතිවරණය ප්‍රමාද කිරීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වන බවය.

    කෙසේවෙතත් මෙම පනත හරහා මැතිවරණය කල්දැමීමේ වුවමනාවක් රජයට නොමැති බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කළේය.

    චාමර සම්පත් දසනායක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පතට විරුද්ධව අදහස් දැක්වීම පදනම් විරහිත බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026

    ශිරාන් බාසික් අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරක් නැහැ

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026049 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.