Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්
    Local News

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    By LFNJune 22, 2026Updated:June 22, 2026No Comments1 Min Read11 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයින පුරා බොහෝ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ලබා ගැනීම් රාශියක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ විවිධ ආයතන සහ පෞද්ගලික නිවාසවල අයවලුන් නොමග යවමින් අයථා ලෙස මුදල් ලබා ගැනීම් රැසක් මේ වන විට වාර්තා වී ඇති බවය.

    මේ දිනවල පවතින ඩෙංගු වසංගත තත්ත්වයට අදාළව නිවාස පරීක්ෂා කිරීමේ රාජකාරි සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග සම්බන්ධ කරගනිමින් මෙම මුදල් ඉල්ලීම් වාර්තා වී ඇති බවත් පෙන්වා දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුවත් කර ඇත්තේ කිසිදු හේතුවක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු රාජකාරියට අදාළව මුදල් අයකිරීම් හෝ ලබා ගැනීම් සිදු නොකරන බවය.

    ඒ අනුව කිසිදු මුදලක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු හෝ ඒ නමින් පෙනී සිටින කිසිදු පුද්ගලයෙකුට ලබා දීමෙන් වළකින ලෙස දන්වා ඇති එම සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ යම් පුද්ගලයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් හෝ හඳුන්වාගනිමින් යම් රාජකාරියකට අදාළව මුදල් ඉල්ලා සිටින්නේ නම් පොලීසිය සහ අදාළ ආයතන දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.