Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»තීරණාත්මක ඡන්ද විමසීමක් අද
    Hot News

    තීරණාත්මක ඡන්ද විමසීමක් අද

    By LFNDecember 8, 2022No Comments2 Mins Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.

    කාරක සභා අවස්ථා විවාදය අද දිනයෙන් අවසන් වන අතර ඡන්ද විමසීම පස්වරු 05ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

    මෙවර අයවැය නොවැම්බර් මස 14 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

    අයවැය දෙවන වර කියවීමේ විවාදය පසුගිය නොවැම්බර් 15 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමෙන් අනතුරුව දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 22 වන දින පස්වරුවේ පැවැත්වුණි.

    එහිදී මන්ත්‍රීවරු 121දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් 84දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

    ඒ අනුව වැඩි ඡන්ද 37කින් අයවැය දෙවනවර කියවිම සම්මත වුණි.

    සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්, විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු උත්තර සභාගය සහ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර දෙමළ ජාතික සන්ධානය ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැඳීසිටියේ නැහැ.

    අයවැය කාරක සභා අවස්ථා විවාදය දින 13ක කාලයක් පැවැත්වීමෙන් පසු අද දිනයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

    අයවැය තෙවනවර ඡන්ද විමසීමේ දී ද ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

    ජාතික නිදහස් සභාව ලෙස තම මන්ත්‍රීවරුන්ද අද දිනයේ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026

    ශිරාන් බාසික් අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරක් නැහැ

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,396 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026013 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.