Author: LFN
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්ය මුදල් ප්රතිපාදන ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් කථානායකවරයාට ලිපියක් යොමුකළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි. ඊයේ (24) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාවේ දී මෙම තීරණය ගෙන තිබුණි. ඒ අනුව මෙම ලිපිය ඊයේ දිනයේදීම කථානායකවරයා වෙත යොමු කළ බව නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අග්රාමාත්ය ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ සැලසුමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී චන්න ජයසුමන මහතා පවසයි. නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ ආණ්ඩු පක්ෂයේ මිත්රයින් ඒ සඳහා සහාය ඉල්ලා සිටි බවය. “අග්රාමාත්ය ධුරය වෙනස් කරන්න යම් වැඩපිළිවෙලක් යනවා කියලා.. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මිත්රයෝ අපිටත් එහෙම යෝජනාවක් අරගෙන ආවා.” “දිනේෂ් ගුණවර්ධන මහතාව අයින් කරලා මහින්ද රාජපක්ෂ මහතාව නැවත වතාවක් අගමැති ධුරයට පත් කිරීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවා කියලා.” “අපි හිතන්නේ නැහැ හිසේ අමාරුවට කොට්ටෙ මාරු කරලා හරියයි කියලා. ආණ්ඩුව ගෙදර යන එක තමයි කරන්න ඕනේ. අගමැති ධුරය වෙනස් කරලා රටේ තියෙන ප්රශ්නවලට උත්තර…
එළඹෙන කන්නයට අවශ්ය පොහොර ආනයනය සඳහා පියවර ගෙන ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. එහි අධ්යක්ෂ චන්දන මුතුහේවගේ මහතා සඳහන් කළේ ලෝක කෘෂිකර්ම සංවිධානය සමඟ සම්බන්ධ වී පොහොර ආනයනය සඳහා අවශ්ය ක්රියාමාර්ග ගනිමින් සිටින බවය. පසුගිය කන්නය සඳහා ආනයනය කළ පොහොර තොගයක්ද ඉතිරිව පවතින බව චන්දන මුතුහේවගේ මහතා ප්රකාශ කළේය.
පනාගොඩ යුද හමුදා කඳවුරේ දී ඊයේ (24) සෙබළෙකු විසින් සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව යුද හමුදා මාධ්ය ප්රකාශක බ්රිගේඩියර් රවි හේරත් මහතා පවසයි. ඔහු පැවසුවේ අදාළ යුදහමුදා සෙබළා සිය රාජකාරී ටී 56 ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි එම හමුදා කඳවුරේම සේවයේ නියුතුව සිටි හමුදා සෙබළෙකි. ඔහු මාතලේ නාවුල ප්රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා විය. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ කාරණය මත පක්ෂයෙන් ඉවත් කරන ලද මන්ත්රීවරුන් වෙනුවට නව මන්ත්රීවරුන් පත් කිරීමේ කටයුතු මෙම සතියේම කඩිනමින් නිම කිරීමට පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කටයුතු යොදා තිබේ. පළාත් පාලන ආයතන මන්ත්රීවරුන් 1137 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිවීම හේතුවෙන් ඔවුන්ගේ මන්ත්රීධූර අහෝසි වන බැවින් වෙනත් පිරිසක් පත් කර යැවීමට පක්ෂය සැලසුම් කර ඇත. පළාත් පාලන ආයතනවල සභාපතිවරු, නගරාධිපතිවරු ද මේ පිරිස අතර සිටින බැවින් පක්ෂය තෝරාගත් පුද්ගලයන් ඒ වෙනුවෙන් පත් කිරීමට නියමිතය. ඊට අදාලව කඩිනමින් සම්මුඛ පරික්ෂණ පවත්වා සුදුසු පුද්ගලයන් තෝරාගෙන පුරප්පාඩු වූ තරනතුරු වෙනුවෙන් පත් කිරීමට ද පක්ෂය තීරණය කර තිබෙි.
යාල වනෝද්යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතික සංචාරකයකු ඊයේ පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බව කිරින්ද පොලීසිය පවසයි. මෙම මැලේසියානු ජාතික සංචාරකයා කැබ් රථයකින් රියදුරා ද සමග යාල වනෝද්යානය නැරඹීම සඳහා පිටත්ව ගොස් ඇතැයි පොලිසිය කියයි. මැණික් ගඟ ආසන්නයේදී රථයෙන් බැස මුහුදු ප්රදේශයට මොහු පා ගමනින් ගොස් ඇතත්යළිත් නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. කිරින්ද පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සහ යාල පලටුපාන වනජීවි කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව අතුරුදන්ව සිටින මෙම සංචාරකයා සොයා සෝදිසි මෙහෙයුමක් ක්රියාත්මක කර ඇත,
තමන්ට අතවර කිරීමට උත්සහ දැරූ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා ඔහුගේ දිවේ කොටසක් සපා කඩා ගත් කාන්තාවක් පිලිබඳ පුවතක් වාර්තා වනවා. 57 හැවිරිදි මෙම බ්රිතාන්ය කාන්තාව ඉකුත් පෙබරවාරි මස 19 වෙනිදා අලුයම් කාලයේ නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයා සමග මාර්ගයේ ඇවිදිමින් සිටියදී මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දී තිබෙනවා. තමා මාර්ගයේ ගමන් කරමින් සිටියදී එකවර පැමිණි තමන්ව බදාගෙන සිප වැළද ගත් බවත් ඔහු අසිහියෙන් මෙන් හැසිරෙමින් තමාගේ ඇඳුම් ඉවත් කිරීමට උත්සහ දැරූ බවයි එම කාන්තාව සඳහන් කර සිටින්නේ. තමාව සිප ගනිමින් සිටි පුද්ගලයාගේ දිව සියදත් වලින් තදින් සැපු විට එයින් කොටසක් කැඩී ආ බවත් පසුව ඔහු තමා අත්හැර දිව ගිය බවයි එම කාන්තාව…
සිමා නිර්නයේ කටයුතු බොහෝ දුරට අවසන් වෙමින් ඇතැයි සිමා නිර්නය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය පවසනවා. ඔහු කියා සිටියේ ඒ පිළිබද අවසන් වාර්තාව මාර්තු මස විසිපස්වන දින හෝ එයට ආසන්න දිනයකදි ලබාදිමට බලාපොරොත්තු වන බවයි. පළාත් පාලන මැතිවරණය කල් යාමට හේතු වූයේ මැතිවරණ කොමිසමින් බැහැර වු කරුණු මත උදා වූ තත්වයන් බවද සිමා නිර්නය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය වැඩිදුරටත් පැවසුවා. සීමා නිර්ණ වාර්තාව කැඳවීම, පළාත් පාලන මැතිවරණයට බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළා.
ජාත්යන්තර ක්රිකට් තරඟ ඉතිහාසයේ ප්රබල රටක් වන දකුණු අප්රිකාවට පළමු වරට ලෝක කුසලානයක් දිනා ගැනීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ, කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට දකුණු අප්රිකානු කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමත් සමඟයි. පිරිමි හෝ කාන්තා යන දෙඅංශයෙන් හෝ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20යි 20 යන ඕනෑම තරඟ රටාවක් තුළදී ජාත්යන්තර ක්රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයකට දකුණු අප්රිකානු කණ්ඩායම තේරී පත් වූ පළමු අවස්ථාව මෙයයි. ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරඟයේදී දකුණු අප්රිකාව හමුවේ ලකුණු 6කින් එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජයට පත් වුණා. තරඟයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්රිකාව කඩුලු 4කට…
මෙරට ට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය ලබන සඳුදා දිවයිනට ගෙන ඒමට නියමිතව බව වෙළෙඳ අමාත්ය නලින් ප්රනාන්දු මහතා පවසයි. ඔහු සඳහන් කළේ ශ්රී ලංකා රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් මෙම බිත්තර තොගය ආනයනය කිරීමට නියමිත බවය. ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02කට ආසන්න ප්රමාණයක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව අමාත්යවරයා පැවසීය. මේ අතර බිත්තර ආනයනය සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. මුදල් අමාත්යාංශය විසින් බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පෙබරවාරි 21 වනද සිට ශ්රී ලංකා රාජ්ය වාණිජ නීතිගත සංස්ථාව විසින් ආනයනය කිරීමේ…