Author: LFN
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් මුලතිවු දිස්ත්රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්රාමාත්යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්රචාරය වන පුවත අසත්යයක් බව අග්රාමාත්ය කාර්යාලය නිවේදනය කරයි. අග්රාමාත්ය මාධ්ය ලේකම්, ලලිත් රෝහණ ලියනගේ මහතා විසින් අදාළ නිවේදනය නිකුත් කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අග්රාමාත්යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බවය. මෙය රජය ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්රණයක කොටසක් බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.
රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් තාවකාලික පදනමින් අරමුදල් නිකුත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ සම්පුර්ණ වසර සඳහාම අයවැය සකස් කර ඇති බැවින් වියදම් සිදුකළ යුත්තේ සැලසුම් සහගතව ප්රවේසමෙන් බවය. ජාත්යන්තර මුල්ය අරමුදලෙන් අපේක්ෂා කරන පරිදි මාර්තු මාසයේ දී ණය මුදල් නොලැබුණ හොත් සංචිතයක් තබාගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. පළාත් පාලන මැතිවරණ පිළිබඳව නිශ්චිත ඇස්තමේන්තුවක් නොමැති අතර මේ මොහොතේ තාවකාලික ගෙවීම් දැරිය නොහැකි බැවින් නිවැරදි අයවැයක් ඉදිරිපත් කරන ලෙස තමන් මුදල් අමාත්යංශයෙන් ඉල්ලීමක් කළ බවද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දෙයි. මේ අතර ශ්රී ලංකාව මුහුණ පා ඇති අර්ථික අර්බුදය හමුවේ ලබාදිය හැකි…
ඩුබායි හි ගෘහ සේවයට යවන මුවාවෙන් මෙරට කාන්තාවන් සිරියාවේ රැකියා සඳහා හොර රහසේ පිටත් කර යවන කූඨ මිනිස් ජාවාරමක් පිළිබඳ තොරතුරු මහනුවර සාමදාන ආයතනය විසින් හෙළි කරගෙන තිබේ. එම ජාවාරමට හසුවී නැවත මෙරටට පැමිණි කාන්තාවන් පිරිසක් මහනුවරදී මාධ්ය හමුවක් පවත්වමින් එම රටවල දී තමන්ට සිදුවූ හිරිහැර සම්බන්ධයෙන් මෙලෙස අනාවරණ කළහ. ඒ අනුව මේ මිනිස් ජාවාරම්කරුවෝ දිවයින පුරා දුගී පවුල්වල කාන්තාවන් හා තරුණියන් හට ඩුබායි හි රැකියා ලබාදෙන මුවාවෙන් ගුවන් ගමන් බලපත්ර ඇතුළු සියලු ලියකියවිලි වංචනිකව සාදා සිරියාවට යවන බව අනාවරණය වී තිබේ. මේ වන විට ශ්රී ලංකාවේ කතුන් 100කට ආසන්න පිරිසක් සිරියාවේ දහදුක් විඳිමින් සිටින බවත් වෙනත් රටවල්වල කාන්තාවන්ද දහස්…
ලංකා විදුලිබල මණ්ඩලය එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගම මිලදී නොගැනීම තුළින් රජයට බරපතල අවාසියක් සිදුව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් විදුලිය මිලට ගැනීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වමින් විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බලාගාරය මිලදී ගැනීම පිළිබඳව නැවත සමාලෝචනයක් සිදුකිරීම අවශ්ය බවය. මෙරට විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් 2005 වර්ෂයේ අප්රේල් 06 වන දින සිට වසර 10ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සමග ගිවිසුමක් අත්සන් කර තිබුණි. අදාළ ගිවිසුම අවසන් වූ පසු 2016 මාර්තු 23 වනදා රැස්වූ අමාත්ය මණ්ඩලය මෙම බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිලදී ගැනීම සඳහා…
කයිට්ස් ශාන්ත මේරි ප්රදේශයේ නිවසක් පිටුපස තිබී පිළිස්සී මියගිය කාන්තා මළසිරුරු 02ක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවය. මියගොස් ඇත්තේ 72 හැවිරිදි සහ 74 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි. අදාළ කාන්තාවන් දෙදෙනා නිවසේ තනිව පදිංචිව සිට ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත. ඔවුන් දෙදෙනාගෙන් එක් කාන්තාවක් විවාහක තැනැත්තියක් වන අතර, ඇයගේ සැමියා සහ පුත්රයා ද මේ වනවිට මියගොස් ඇතැයි අනාවරණය වුණි. එම කාන්තාවන් පිළිස්සීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කයිට්ස් පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාශය සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද (26)දිනය තුළ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් ලබාදී තිබේ. අද පස්වරු 1 සිට රාත්රී 8 දක්වා කාලය තුළ දී කොටුව පොලිස් වසමට අදාළ මාර්ගවල අවහිරතාවක් සහ මාර්ගවල ගමන් ගන්නා වාහනවලට බාධා කිරීම් නොකරන ලෙසට කොටුව මහෙස්ත්රාත් අධිකරණය මඟින් අධිකරණ අඥාවක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය. ඒ අනුව ඉහත නම් කළ සියලුදෙනාට හා උද්ඝෝෂකයින්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්යාංශය සහ ගාලුමුවදොර පිටිය පරිශ්රය ඇතුළු නම් කරන ලද ස්ථාන කිහිපයකට ඇතුළුවීමෙන් වළකින ලෙස…
ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර රුපියල් 30ක වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදිය හැකි බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කරනු ලබන බිත්තර වෙළෙඳපොළට නිකුත් නොකරන බවය. මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට රජය පියවර ගත්තේය. බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ රාජ්ය විවිධ නීතිගත සංස්ථාවට පමණක් බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට ජී -20 රටවල් තීරණය කර තිබේ. ඉන්දියාවේ බැංගලෝර්හි පැවති ජී -20 රටවල මුදල් අමාත්යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. එහිදී ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්රී ලංකාව ඇතුළු අඩු සහ මධ්යම ආදායම් ලබන රටවල් සඳහා සහන ලබාදිය හැකි ක්ෂේත්ර පිළිබඳව අවධානය යොමුකර විසඳුම් සෙවීමේ හදිසි අවශ්යතා හඳුනාගෙන ඇති බව සඳහන් වේ. ණය අර්බුදය විසඳීමට සහ ණය පීඩාවට පත් රටවලට පහසුකම් සැලසීමට නිල ද්වී පාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන්ගේ බහු පාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම අවශ්ය බවට ජී – 20 හමුවේදී අවධානය යොමුකර තිබේ. ජී -20 මුදල් අමාත්යවරුන්ගේ…
පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වෙනවා. ඒ, දකුණු අප්රිකානු සහ ඕස්ට්රේලියානු කණ්ඩායම් අතරයි. තරඟය කේප් ටවුන්හිදී ආරම්භ වීමට ඇත්තේ මෙරට වේලාවෙන් පස්වරු 6යි 30ටයි. දකුණු අප්රිකානු කාන්තා ක්රිකට් කණ්ඩායම ක්රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබූවේ පළමු වරටයි. 2009 වසරේ සිට 2020 වසර දක්වා ලෝක කුසලාන ක්රිකට් තරඟාවලි 7ක් පවත්වා තිබෙනවා. ඒ අතරින් තරඟාවලි 5කින්ම ජය හිමි කර ගෙන ඇත්තේ ඕස්ට්රේලියානු කාන්තා ක්රිකට් කණ්ඩායමයි. 2020 වසරේ ඉන්දියාව සමඟ මෙල්බර්න්හි පැවති තරඟයෙන්ද 20යි 20 ලෝක කුසලාන හිමි කර ගැනීමට ඕස්ට්රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.