Author: LFN
මැතිවරණය පැවැත්වීමට අදාළව මුජිබුර් රහුමාන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අඟහරුවාදා සලකාබැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් සිදුකරන බාධාකිරීම් නතර කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයෙන් කොළඹ මහනගර සභාවට පුරපති අපේක්ෂකයා ලෙස තරගවදින මුජිබුර් රහුමාන් එම පෙත්සම ගොනුකර තිබුණි. මේ අතර ඊයේ (23) මාධ්‍යට අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේ, “මේ ඡන්දය පවත්වන්න අවශ්‍ය සම්පත් ප්‍රමාණය ලබාදෙන්නේ නැති එක තමයි අපිට දැන් පේන්න තියෙන්නේ. වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව මේ රටේ ජනතාව පෙළගස්වන්න වෙනවා. අනිවාර්යයෙන්ම මේක මං හිතන්නේ අපිට පාරෙදි තමයි විසඳගන්න වෙන්නේ.”
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් ලබා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ එය සමස්ත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම වාර්ෂික ශුද්ධ ලාභය බවය.
මෙවර පළාත් පාලන මැතිවරණයට සමගාමීව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අද අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබු ජන රැළිය අවලංගු කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසුවේ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමුකරමින් ජන රැළිය නොපැවැත්වීමට තීරණය කළ බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා, “පළාත් පාලන මැතිවරණය පිළිබඳව පළමු මංගල රැස්වීම අපි අනුරාධපුරයෙන් තියන්න 24 වනදා යොදාගෙන තිබුණා. නමුත් පස්සේ අපි පක්ෂයේ නායකයෝ සාකච්ඡා කරලා නඩු දිනයේදී මොකක්ද දෙන තීන්දුව කියලා බලලා රැස්වීම තියමු කියලා අපි තීන්දු කළා. ඒ නිසා අපි තීන්දු කරා 24 තියන්න තිබුණු රැස්වීම මාර්තු මාසයේ මැද හරියේ තියන්න. ඒ සඳහා අවශ්‍ය සියලුම සාකච්ඡාවල් අපි සැලසුම්…
මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 10.30ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාවලිය, ඒ සඳහා පවතින රාජ්‍ය ආයතන වල දායකත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ද අද දිනයේ සාකච්ඡා කරන බවය. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මැයි මස 11 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියම කළේය.
රටේ පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීමක් බවට ඉදිරිපත් වූ පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ. එම කොමිසම පැවසුවේ ඊට අදාළ විර්ශන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට නොතීසි නිකුත් කර ඇති බවය. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මෙම පෙත්සම ගොනු කර තිබුණි. අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය නම් කර තිබේ. මේ අතර රටේ මහජන සෞඛ්‍ය සේවාව ද දිගින් දිගටම බිඳ වැටෙමින් පවතින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වලද අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. එසේම ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ මුල්‍ය සහනයක් අත්‍යවශ්‍ය බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසන්නීය. ඇය එසේ පැවසුවේ G-20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ බෙන්ගලුරු හිදී අද (23) ආරම්භ වූ සමුළුවක් අමතමිනි. ඇය තවදුරටත් පැවසුවේ දියුණු වෙමින් පවතින රටවල් සහ නැගී එන රටවල් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් චීනය ඇතුළු නිල ද්වීපාර්ශ්වික ණයහිමියන් ව සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීමට අමෙරිකාව නොකඩවා කටයුතු කරන බවය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් භාරයට ගෙන තිබේ. අද පස්වරුවේ අධ්යාපන අමාත්‍යාංශය තුළදී භික්ෂු බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් අතරතුරදී ඔහුව මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.
පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු යුද හමුදා කර්නල්වරයෙකු ගොනුකළ රිට් පෙත්සම මැයි 11 දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනුකළ පෙත්සම් තුනක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කර තිබේ. මේ අතර රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පත්කර ඇත. එම ධුරයේ මීට පෙර කටයුතු කර තිබුණේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාය.