Author: LFN
කොළඹ ඊයේ (26) පැවති ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයට එක්වූ නිවිතිගල අපේක්ෂකයෙකු කොළඹ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතර ජීවිතක්ෂයට පත්ව තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්රකාශකයෙක් පැවසුවේ ඇසට සිදුවූ තුවාලයක් හේතුවෙන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළුකර ප්රතිකාර ලබමින් සිටිය බවය. එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා., “තුවාල ලැබූ අය 28 දෙනෙකු පමණ රෝහල්ගතකරන්න සිද්දවුණා, කිහිපදෙනෙක් ටිකට් කපාගෙන ගිහිල්ලා තිබුණා. තවත් කිහිපදෙනෙක් ඉන්නවා. එතැනින් දෙන්නෙක්ට කිසියම් අසාධ්ය තත්ත්වයක් මතුවෙලා තිබුණා. දැන් වාර්තාවුණා අපිට ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ජීවිතය නැතිවුණා කියලා විශේෂයෙන්ම නිමල් අමරසිරි කියලා රත්නපුර දිස්ත්රික්කයේ නිවිතිගල ප්රදේශයේ අපේ නිවිතිගල ප්රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරන සහෝදරයෙක්.”
පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්රී ලාංකික ජනතාව වෙනුවෙන් රටට සහයෝගය සහ ආධාර ලබාදෙන්නැයි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ සියොල් නුවරදී පැවති ආසියා පැසිපික් කලාපයේ ජ්යෙෂ්ඨ දේශපාලන නායකයින්ගේ සමුළුව අමතමින් පැවසීය. පවතින අසීරු අවස්ථාවේ ශ්රී ලංකාවේ රාජ්ය නායකයකු ලෙස තමන් රටේ අසරණ සහ දුගීභාවයට පත් ජනතාව වෙනුවෙන් සියලු දෙනාගේ සහයෝගීතාව හා සහෝදරත්වය අපේක්ෂා කරන බව ද මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. රටක් සාර්ථකව ඉදිරියට යාමට නම් අරමුණට අවංක වූ ආණ්ඩු පක්ෂයක්ද, පටු දේශපාලනික අරමුණු වලින් ඔබ්බට සිතන ප්රගතීශීලී විපක්ෂයක්ද තිබීම වැදගත් බවත්, එසේ නොවන විට එහි විපාක විඳින්නේ ජනතාව මිස දේශපාලනඥයින්…
තව සතියක් දෙකක් යන්න පෙර එක්සත් ජාතික පක්ෂය ප්රමුඛත්වය ගෙන සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් කීපදෙනෙකුත් ගෙන ලොකු සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පැවසීය. තමාට වගේම රනිල් වික්රමසිංහ මහත්තයටත් සජබෙ කඩන්න කිසිම උවමනාවක් තිබුණෙ නැතැයි කී හරීන් ප්රනාන්දු මහතා තමා ආණ්ඩුවට පැමිණි වෙලාවේ තව කීපදෙනෙක් අරන් එන්න උවමනාව තිබුණ නමුත් රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා එය කරන්න එපා යැයි තමාට පැවසූ බව ද හරීන් ප්රනාන්දු මහතා සඳහන් කළේය. එන්න හදන කට්ටිය ගනිමු යැයි තමා නැවත ජනාධිපතිවරයාට මෑත දිනකදී පැවසූ බව කී හරින් ප්රනාන්දු මහතා සමහර මිනිස්සුන්ගේ උන්මාදය වැඩි වී ඇඳුනුත් මසා තිබෙන බව කීය. බදුල්ල දිස්ත්රික් අපේක්ෂක හමුවක්…
ක්රීඩා ඇමැතිවරයා විසින් ක්රිකට් ඇතුළු ක්රීඩාවන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති රෙගුලාසි මාලාව ක්රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
ශ්රී ලංකාවට ඩොලර් මිලියන 400ක විදේශ විනිමය පහසුකමක් ලබාදෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්යන්තර ෆයිනෑන්ශල් කෝපරේෂන් පවසයි. මෙරටට අවශ්ය අත්යවශ්ය ද්රව්ය ආනයනය කිරීම සඳහා එම මුදල් භාවිත කිරීමට නියමිත බව ඔවුන් පැවසීය. ජාත්යන්තර ෆයිනෑන්ශල් කෝපරේෂන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පුද්ගලික බැංකු 3ක් වෙත එම මූල්ය පහසුකම හිමිවන බවය. එම මූල්ය පහසුකම යොදාගෙන ආහාර ද්රව්ය, ඖෂධ සහ පොහොර ආනයනයට අවස්ථාව හිමිවෙයි.
ඉකුත් සති හයක කාලය තුලදි ගාල්ල දිස්ත්රික්කයෙන් ඩෙංගු රෝගීන් 164 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ප්රාදේශීය වසංගත රෝග විද්යාඥ වෛද්ය එරංග හෙට්ටිආරච්චි පැවසුවේ ගාල්ල නගර සභාව, බද්දේගම, බලපිටිය, හබරාදුව, අක්මීමන යන සෞඛ්ය වෛද්ය නිලධාරි කොට්ඨාශවලින් ඩෙංගු රෝගින් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි. කෙසේවෙතත් එම කාලසීමාව තුල කිසිදු ඩෙංගු මරණයක් ගාල්ල දිස්ත්රික්කයෙන් වාර්තා වි නොමැති බවද වෛද්ය එරංග හෙට්ටිආරච්චි පැවසුවා. අදාළ ප්රදේශයන් ආශ්රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්රියාත්මක කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
ජාතික ඉන්ධන බලපත්රය ට අදාළ QR ක්රමවේදය සම්බන්ධයෙන් අමාත්ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ අප්රේල් 10 වනදා සිට එය අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බවය. දත්ත විශ්ලේෂණය කර ක්රමානුකූලව ඉන්ධන කෝටාව වැඩි කිරීමට ගත හැකි ක්රියාමාර්ග ගන්නා බව ඔහු පැවසීය. දැනට ක්රියාත්මක වන ක්රමවේදය සම්බන්ධයෙන් අවශ්ය ක්රියාමාර්ග මුදල් අමාත්යංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග සාකච්ඡා කර ඉදිරි මාස කිහිපය තුළ ගන්නා බව ඔහු පැවසීය.
සිය දරුවන් දෙදෙනා පාළම මත තබා බෙන්තර ගඟට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ මව සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළිවී තිබේ. එහිදී සිය මාස 18 ක් වයසැති දියණිය සහ නව හැවිරිදි පුතා පාළම මත තබා ඇය බෙන්තර ගඟට පැන තිබුණාය. බලංගොඩ ප්රදේශයේ පදිංචි එම කාන්තාව ඇල්පිටිය ඌරගස්මංහන්දියේ පුද්ගලයකු සමග විවාහවී ඇති අතර දෙදෙනා අතර නිතර නිතර ආරවුල් පැවැත ඇතැයිද සඳහන් වේ. ඊයේ (26) පස්වරුවේ සිය දරු දෙදෙනා රැගෙනවිත් බෙන්තර පාළම මත තබා පාළමෙන් ගොඩබිම දෙසට ඇති ආරක්ෂක වැටෙන් අඩි 40 ක් පමණ උසක සිට ඇය ජලයට පැන ඇතැයිද පොලීසිය කීය. ජලාශයේ ගසාගෙන යමින් සිටි කාන්තාව, ඒ අසල රැඳී සිටී ජල ක්රීඩාකරන…
රූපලාවණ්ය ද්රව්ය මෙරටට ආනයනය කිරීමට අදාළව චක්රලේඛයක් සකස්කරමින් පවතින බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු මේබව ප්රකාශ කළේ, දෙහිඕවිට ප්රදේශයේදී මාධ්යයට අදහස් දක්වමිනි. “රූපලාවණ්ය ද්රව්ය ලංකාවට අවශ්ය නිසා තමයි, අපි නැවත ගේන්න ඉඩක් දුන්නේ. හැබැයි ඒකට පාලනයක් තියෙන්න එපැයි. අපි දැම්මේ ඖෂධ නියාමන කොමිසමේ අනුමැතිය හෝ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇතිව ගේන්න කියන එක. ඒ ආයතන දෙකෙන්ම අනුමැතිය ගන්න බැරි පිරිසක් මේ මැද්දේ මේ ප්රශ්නයට මුහුණදීලා තියෙනවා කියන එක අපි ප්රායෝගිකව අත්විඳිනවා. ඒක පිළිගත්තා. අපි දැක්කා. ඒ නිසා තමයි අපි ඒ මැද්දේ ඉන්න පිරිසට යම් පාලනයක් ඇතිව ගේන්න චක්රලේඛයක් නිකුත් කරන්න සුදානම්. අපි දැන් මේ වෙනකොට චක්රලේඛයක් සකස්…
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 03 වනදා කැඳවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. මාර්තු මස 09 වන දාට පෙර අදාළ පෙත්සම සලකා බැලීම සඳහා කැඳවන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කළ ඉල්ලීමකට අනුව එම නියෝග ලබා දී ඇත. එස් තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම අද…