Author: LFN
දිවයිනේ ප්රදේශ කිහිපයකින් මනුෂ්ය ඝාතන ත්රිත්වයක් වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි. රත්ගම පොලිස් වසමේ ඕවකන්ද ප්රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී එක් කාන්තාවක් මියගොස් තිබේ. ප්රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් ඊයේ (26) එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. මරණකාරිය තම නිවසේ සිටියදී ඇයගේ මවගේ මල්ලි නිවසට පැමිණ මරණකාරියට සහ ඇගේ මවට තියුණු ආයුධයකින් පහරදී ඇත. එසේ මියගොස් ඇත්තේ, 20 හැවිරිදි ඕවකන්ද, රත්ගම ප්රදේශයේ පදිංචිකාරියකි. තුවාලකාරිය කරාපිටිය රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි. ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා රත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මේ අතර අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්රදේශයේදී පුද්ගලයෙකුට තියුණු…
ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමේ කටයුතු එම සතිය තුළ දී සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමට අදාළ අයදුම්පත්ර කැඳවීම් අවසන් කර ඇති අතර ඒවා විශ්ලේෂණය කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව සඳහන්ය. ඒ අනුව නව සාමාජිකයින් පත් කිරීමට අදාළ මුලික වටයේ සාකච්ඡාවක් මෙම සතියේ දී පැවැත්වීමට නියමිතය. දැනට ලැබී ඇති අයදුම්පත් 1,600කට අධික සංඛ්යාවකින් මුලික සුදුස්සන්ගේ ලේඛනයක් සකස් කිරීමෙන් අනතුරුව කොමිෂන් සභා සාමාජිකයින් තෝරාපත් කර ගැනීම සිදුකෙරෙනු ඇත. කෙසේවෙතත් මේ පිළිබඳ අවසන් තීරණය ව්යවස්ථාදායක සභාව රැස්වීමෙන් අනතුරුව ගැනීමට නියමිතව තිබේ. මෙම සතියේ අඟහරුවාදා දිනයේ දී…
තමා ඇතුළු සිය පවුලේ සාමාජිකයින් අයථා ලෙස උපයා ඇති වත්කම් පිළිබඳ චෝදනා ඔප්පු කළහොත් එම වත්කම් රජයට පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්රීවරයා ප්රකාශ කළේ, සිදුකරන චෝදනාවන්ට තමන් ඇතුළු පවුලේ සාමාජිකයින් වැරදිකරුවන් නොවන බවට දිවුරුම් ප්රකාශ මඟින් ද සනාථ කළ හැකි බවය. හම්බන්තොට ප්රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. “යහපාලන ආණ්ඩුවක් ආවා. අනුර කුමාර මහත්තයත් ඒකේ හිටියා, සජිත් ප්රේමදසා මහත්තයාත් ඒකේ හිටියා, අපේ ජනාධිපතිතුමත් ඒකේ හිටියා. ලෝකේ වටේ ගියා අපේ ගිණුම් හොයන්න. රංජන් රාමනායක මහත්තයා ඩුබායි මැරියට් හෝටලය ළඟට ගිහිල්ලා කිව්වා, මේ නාමල්ගේ හෝටලය කියලා. වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී…
වසරකට අධික කාලයකට පසු කුසල් ජනිත් පෙරේරා ශ්රී ලංකා 20යි 20 සංචිතයට කැඳවා තිබේ. ඒ අතර නවසීලන්ත තරග සංචාරයට එක්වන ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායම (27) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. නවසීලන්ත තරග සංචාරය සඳහා 21 දෙනෙකුගෙන් යුත් එක්දින සහ 20-20 ශ්රී ලංකා සංචිතයක් නම් කර ඇති අතර එය ක්රීඩා අමාත්යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇත. මේ අතර ඇන්ජලෝ මැතිව්ස් එක්දින සංචිතයට පමණක් ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. දුෂ්මන්ත චමීර, නුවනිඳු ප්රනාන්දු සහ සදීර සමරවික්රම එක්දින සහ 20-20 සංචිත දෙකටම නම් කර තිබේ. එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව දස්කම් දැක්වූ ලසිත් කෘෘස්පුල්ලේ 20-20 සංචිතයට කැඳවා ඇති අතර සහන් ආරච්චිගේ නම් කර ඇත්තේ…
මාස 18ක් වයසැති දියණිය සහ නව හැවිරිදි පුතා පාළම මත තබා බෙන්තර ගඟට පැන ඇති කාන්තාවක්ව බේරාගෙන තිබේ. එම කාන්තාව ඊයේ (26) පස්වරුවේ බෙන්තර පාළමට ගොඩබිම දෙසට ඇති ආරක්ෂක වැටෙන් අඩි 40ක් පමණ උසක සිට ජලයට පැන ඇතැයිද පොලීසිය පැවසීය. එම කාන්තාව ජලයේ ගසාගෙන යමින් සිටියදී ඒ අසල රැඳීසිටී ජලක්රීඩා කරන තරුණයකු විසින් ඇයව බේරාගෙන ඇත. බලංගොඩ, ප්රදේශයේ පදිංචි එම කාන්තාව ඇල්පිටිය, ඌරගස්මංහන්දියේ පුද්ගලයකු සමග විවාහවී ඇති අතර දෙදෙනා අතර නිතර නිතර ආරවුල් ඇති වෙන බවද වාර්තා වෙයි.
රක්වාන ප්රදේශයේ ළමා නිවාසයක දැරියන් 11 දෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියාව මාර්තු 8 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අදාළ පුද්ගලයා පැල්මඩුල්ල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත. 60 හැවිරිදි සැකකරු රක්වාන ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු බව පොලීසිය පවසයි. අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් ගොඩකවෙල ප්රාදේශීය ලේකම්වරයාට ලද තොරතුරකට අනුව රත්නපුර පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරු පසුගිය 24 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි. බරපතළ ලිංගික අපයෝජනයට ලක්වූ බව පැවසෙන දැරියක් එම ළමා නිවාසයේ රැඳී සිට ඇත. එම දැරියට වයස අවුරුදු 18 ඉක්මවූ පසු පාලිකාවගේ නිවසේ රැඳි සිට පාසල් ගොස්…
හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්යාලය අධ්යයන කටයුතු සඳහා අද (27) සිට යළි විවෘත කිරීමට නියමිතව තිබේ. එහි උපකුලපති මහෝපාධ්යාය මහාචාර්ය පූජ්ය නෙලුවේ සුමනවංශ හිමි සඳහන් කළේ, පළමු වසරේ සිසුන් සඳහා පමණක් මෙලෙස විශ්වෙවිද්යාල අද දිනයේ විවෘත කෙරෙන බවය. නවක වධ සිද්ධියක් මුල් කරගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගත්තේය.
ඛනිජ තෙල් සේවකයන්ගේ මෙම වසරට අදාළ අතිකාල දීමනා කපා දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ මෙම වසරේ ඛනිජ තෙල් සේවකයින්ගේ අතිකාල දීමනා ගෙවීම සඳහා රුපියල් කෝටි 360කට අධික මුදලක් ඇස්තමේන්තු ගත කිරීමත් සමඟ ය. ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් මීට අදාළ ඇස්තමේන්තුව සකස් කර ඇති අතර එය අනුමැතිය සඳහා මුදල් අමාත්යංශය වෙත යොමුකර තිබේ. තොග පර්යන්ත සමාගමෙ හි සේවකයින් සඳහා පමණක් අතිකාල දීමනා සඳහා රුපියල් කෝටි 180ක මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති බව සඳහන්ය. පසුගිය වසර කිහිපය සළකා බැලීමේ දී 2019 වසරේ දී තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයින්ට අතිකාල දීමනා ලෙස…
ඉතාලියේ සංක්රමණික නැව් අනතුරකින් ළමුන් 12දෙනෙකු ඇතුළුව 59දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්ය පවසයි. යුරෝපයට සංක්රමණිකයන් රැගත් ලී රුවල් යාත්රාවක් ඊයේ (26) අලුයම දකුණු ඉතාලි වෙරළ ආසන්නයේ අනතුරට ලක්ව තිබුණි. ඇෆ්ගනිස්තානය, ඉරානය සහ තවත් රටවල් කිහිපයක මිනිසුන් රැගත් තුර්කියේ සිට යාත්රා කළ එම යාත්රාව, අනතුරින් පසුව සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි ද විදෙස් මාධ්ය වාර්තා කළේය.
ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතා රැළියට එල්ල කළ කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්රහාරය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා හෙළා දැක තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. එහිදි විපක්ෂ නායකවරයා පෙන්වාදී ඇත්තේ, කිසිදු නායකයෙක් හෝ පක්ෂයක් සෑම විටම සහමුලින්ම නිවැරදි වී නොමැති අතර ප්රජාතන්ත්රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුත්තේ එබැවින් බවය. ජාතික ජන බලවේගයේ විරෝධතාවට එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්රහාර හේතුවෙන් බොහෝදෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බව විපක්ෂ නායකවරයා සිය ට්විටර් පණිවුඩය මඟින් සඳහන් කර තිබේ. එම තත්ත්වය තුළ මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලි බවත් ආණ්ඩුව ප්රකාශ කරනු ලබන්නේ ජනතාවට…