Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඝාතන ත්‍රිත්වයක්
    Featured

    ඝාතන ත්‍රිත්වයක්

    By LFNFebruary 27, 2023No Comments2 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මනුෂ්‍ය ඝාතන ත්‍රිත්වයක් වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.

    රත්ගම පොලිස් වසමේ ඕවකන්ද ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී එක් කාන්තාවක් මියගොස් තිබේ.

    ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් ඊයේ (26) එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

    මරණකාරිය තම නිවසේ සිටියදී ඇයගේ මවගේ මල්ලි නිවසට පැමිණ මරණකාරියට සහ ඇගේ මවට තියුණු ආයුධයකින් පහරදී ඇත.

    එසේ මියගොස් ඇත්තේ, 20 හැවිරිදි ඕවකන්ද, රත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    තුවාලකාරිය කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.

    ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා රත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    මේ අතර අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.

    එසේ මියගොස් ඇත්තේ, 22 හැවිරිදි ඉඩම්තොට අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මරණකරු තම නිවස ආසන්නයේ මාර්ගයේ සිටියදී පුද්ගලයින් කිහිපදෙනෙකු පැමිණ තියුණු ආයුධවලින් පහරදී ඇති අතර, බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

    පැරණි අමනාපයක් මත ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම ඝාතනය සිදුකර තිබේ.

    මේ අතර දිවුලපිටිය, මරදගහමුල හන්දිය ආසන්නයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

    මරදගහමුල හන්දිය ආසන්නයේදී මාර්ගයේ ගමන්කළ මෝටර් රථයක් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මඟ හරස් කර නවතා මෝටර් රථයේ රියදුරුට තියුණු ආයුධයකින් පහරදී, මොටර් රථයේ පැමිණි පුද්ගලයෙකුට යකඩ පොල්ලකින් පහරදී ඇත.

    තුවාලකරුවන් මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, කැපුම් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) දහවල් කායේදී මියගොස් ඇත.

    එසේ මියගොස් ඇත්තේ, 49 හැවිරිදි විටිනාපහ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 202600 Views

    විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක්…

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.