Author: LFN

ලෝක බැංකුවේ සභාපතිධුරය සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නාම යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ලෝක බැංකුවේ සභාපතිධූරය සඳහා නම් කර ඇත්තේ ඉන්දියානු සම්භවයක් සහිත අමෙරිකානුවෙක් වීම විශේෂත්වයකි. ඔහු මාස්ටර්කාඩ් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි අජේ බංගා ය. ලෝක බැංකුවට නායකත්වයදීමට අජේ බංගා අද්විතීය ලෙස සන්නද්ධව සිටින බවත්, ඔහු සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සඳහා රැකියා සහ ආයෝජන අවස්ථාව ගෙන එමින් සමාගම් සඳහා නායකත්වය දුන් කීර්තිමත් ව්‍යාපාරිකයෙකු බවත් ජෝ බයිඩන් පැවසූ බවද ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත.

Read More

රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතට එම ධූරයෙන් ඉවත්වන ලෙස විපක්ෂ නායකවරයා දැනුම්දී ඇති බව එම සභාවේ හිටපු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. නමුත් ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය. “මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සම්පූර්ණ අනුදැනුම මත වෙච්ච දෙයක්.” “මම මයන්තගෙන් ඇහුවා. මයන්ත නිකන් දන්නේ නැහැ වගේ, එයාගේ ඔළුව හැප්පිලා වගේ මගෙන් අහනවා.” “මම කිව්වා.. එහෙම නෙවෙයිනේ මයන්ත.. දැන් ඔයාට කතා කරලා ඇහුවනේ ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ඔබතුමා මේක ප්‍රතික්ෂේප කරනවාද ? භාරගන්නවා ද? කියලා.” “එතකොට කියලා තිබ්බා, නැහැ මම කථානායකතුමත්…

Read More

පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවයේ නිරතවී සිටි සෙබළෙකු ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සියදිවි හානි කරගෙන තිබේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේය.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත්, අම්පාර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහෙයුම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරි පුළුල් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලුම පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇත . 2022 වසර තුළ යුද්ධ හමුදා බුද්ධි අංශ මගින් රැස්කරගත් බුද්ධි තොරතුරුවලට අනුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පුද්ගලයින් 981 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ වැටලීම්වලදී කේරළ ගංජා කිලෝ 717ට ආසන්න ප්‍රමාණයක්, ගංජා කිලෝ 685ට ආසන්න ප්රීමාණයක්, අයිස් කිලෝ 14කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. ඊට අමතරව කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.…

Read More

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසම පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 9 වනදා පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (24) පෙරවරුවේ රැස්වී ඒ බව තීරණය කර තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසම වැඩිදුරටත් තීරණය කර ඇත්තේ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු හේතුවෙන් මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයනත ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බවය. මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා එහි සාමාජිකයින් වන එස්.බී. දිවාරත්න, එම්. එම්. මොහොමඩ් සහ කේ. පී. පී. පතිරණ යන මහත්වරුන් එක්වී සිටි බවද වාර්තා විය.

Read More

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවකට එක් වෙමිනි. සංචාරක කර්මාන්තයට අදාල ගැටළු සහ අදහස් සාකච්ඡා කිරීමේ අරමුණින් “සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්ම සහ අභියෝග ජයගැනීම ” මැයෙන් සංවිධානය කර තිබූ මෙම හමුව හික්කඩුව සිට්‍රස් හෝටලයේ දී පැවැත්විණි. පසුගිය කාලයේ සිදු වූ ආර්ථික පසුබෑම නිසා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විවිධ පීඩාවන්ට ලක් වීමට සිදු වූ නමුත් එම තත්ත්වය වෙනස් කරමින් සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.…

Read More

පාසල් සිසුන්ට නොමිලේ ලබා දෙන නිල ඇඳුම් රෙදි බෙදාහැරීම ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. උතුරු නැගෙනහිර,උතුරුමැද සහ ඌව වැනි පළාත්වල පාසල්වලට මුලින් නිලඇදුම් රෙදි ප්‍රවාහනය කරන අතර ක්‍රමයෙන් දිවයිනේ අනිකුත් පළාත්වලටද නිලඇදුම් රෙදි බෙදාහරින බව සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය. නිල ඇඳුම් රෙදි සඳහා වැය වන මුදල රුපියල් කෝටි 780 ක් වන අතර ඉන් රුපියල් කෝටි 550 ක රෙදි චීනෙන් ලැබුණු බවද ඒ මහතා සඳහන් කළේය. මෙරට පාසල් සිසුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවෙන් සීයයට 70 ක්ම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු බවද අධ්‍යාපන ඇමැතිවරයා කීය.

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ අරමුදල් රඳවා තබාගැනීමට රජය ගෙන ඇති තීන්දුව දීර්ඝ කාලීන විපාක ඇති කරන අසාධාරණ සහ අත්තනෝමතික ක්‍රියාවක් බවත් නිදහස් දිනය වෙනුවෙන් රාජ්‍ය මුදලින් මහා ප්‍රසංගයකට අනුග්‍රහය දැක්වූ රජයට මැතිවරණය සඳහා වෙන්කළ මුදල් රඳවා ගැනීමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැති බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. බාහිර ණය හිමියන්ට ණය පැහැර හරිමින් බාහිර ලෝකයට වගකීම පැහැර ඇති රජයක් මැතිවරණයක් පැවැත්වීමට අරමුදලක් නොමැති යැයි ප්‍රකාශ කරන්නේ නම් එවැනි රජයකට තව දුරටත් බලයේ රැදී සිටීමට නෛතික බලයක් නොමැති බව කියන ‘ලංකා සභාව’ පාර්ලිමේන්තුව සම්මත කළ අයවැය අනුව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියලුම රාජ්‍ය ආයතනවලට අවශ්‍ය සම්පත් සැපයීමට…

Read More

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට ඇතිවී ඇති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයට දින 03ක විවේකයක් අවශ්‍ය බවට වෛද්‍ය වාර්තාවක් අද (24) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට ඒ බව දැනුම්දුනි. ඔවුන් දැනුම්දුන්නේ තම සේවාදායිකාවට ඇතිවී ඇති අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දිනයේ දී අධිකරණයට ඉදිරිපත් විය නොහැකි බවය. ඇයට දින 03ක විවේකයක් අවශ්‍ය බවට වෛද්‍යවරුන් විසින් නිර්දේශකර ඇති බවට වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. කරුණු සලකා…

Read More