Author: LFN
සති අන්තයේ දිනවල මෙක්සිකෝවට නොයන ලෙසට එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ බලධාරීන් අමෙරිකානු පුරවැසියන්ට උපදෙස් දී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රචණ්ඩත්වය සහ ආරක්ෂක හේතූන් මත අදාළ උපදෙස් ලබා දී ඇති බව ටෙක්සාස්හි මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය සතියේ මෙක්සිකෝ දේශ සීමාව තරණය කළ අමෙරිකානුවන් හතර දෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි. අදාළ සිදුවීම් සැලකිල්ලට ගනිමින් සති අන්තයේ මෙක්සිකෝවේ සංචාර කිරීමෙන් වළකින ලෙස ටෙක්සාස් බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.
අප්‍රේල් මාසයේ සිදුවන මිල සංශෝධනයේ දී ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඩොලරය පහත බැසීමත් සමග ඉන්ධන ආනයනය කිරීමේ දී ලැබෙන සහනය එහිදි ජනතාවට ලබාදෙන බවය. මිල සුත්‍රයට අනුව සෑම මසකම පළමු දින ඉන්ධන මිල සංශෝධනය සිදුකරනු ලබයි. ඒ අනුව අප්‍රේල් මාසයේ දි සිදුවන මිල සංශෝධනයේ දී ඉන්ධන මිල පහත දැමීමට බලාපොරෝත්තු වන බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (13) දින බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල සියලුම රෝහල් ආශ්‍රීතව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාතික ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම, රාජ්‍ය සේවක ගැටලු සහ රජයේ මර්දනකාරි වැඩපිළිවෙළට එරෙහිව තමන් ගන්නා වෘත්තිය ක්‍රියාමාර්ග එළඹෙන සතිය තුළ තවදුරටත් තීව්‍ර කිරීමට වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව පසුගියදා තීරණය කළේය. ඒ නව බදු ප්‍රතිපත්ති සංශෝධනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ වෘත්තීයවේදින්ගේ එකමුතුව අතර ඉකුත් 10 වනදා පැවති සාකච්ඡා අසාර්ථක වීමත් සමග ය. ඒ අනුව ඉදිරි සතියේ සිය වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කරන බවත් එළඹෙන 15 වනදා දීප…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිවිටෙකත් මැතිවරණවලට බියනොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ, බොහෝ දේශපාලන පක්ෂ ගම් මට්ටමේ ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගෙන නොමැති බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේය. “සමහරු පසුගිය දවස් වෙකොට දිනලා හිටියේ. හුළං පුම්බලු බෝලයක් උඩ ගියා වගේ. දැන් බිමට එන්න පටන් අරගෙන තියෙනවා. එදා මේ අයට ඇවිත් රට භාරගන්න කිව්වාම ඔය කෑගහන දෙගොල්ලොම ඒ වෙලාවේ රට භාරගත්තේ නැහැ. එයාලා දන්නවා එයාලට කරන්න පුළුවන් හරිය කොච්චරද කියලා. මිත්‍රවරුනී මේ වගේ අය තමයි අහන්නේ, අපි ඡන්දයට…
අමෙරිකානු ඩොලර් සන්තකයේ තබාගෙන සිටි පිරිස් මහ බැංකුවෙන් ලබාදුන් ‘සමා කාලය’ තුළ එම විනිමය හුවමාරු කළේ නම් ඉහළ අගයක් ලබාගැනීමට හැකිව තිබූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (12) කොළඹ පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධාන කළ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු ඒ බව සඳහන් කළේය. දෙදිනක් පුරා පැවති එම සම්මන්ත්‍රණයේ පළමු දිනය පැවැත්වුණේ ”අර්බුදයක් තුළ නීතියේ කාර්යභාරය” යන තේමාවෙනි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මෙරට අමෙරිකානු තානාපති ජූලී චන්ග් යන මහත්ම මහත්මීන් එක්ව සිටියේය. එහිදී අදහස් දැක්වූ හ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “ඩොලර් විනිමය සඟවාගෙන සිටි අය…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර…
සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සහ ඇය අපහසුතාවට පත් වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය මඟින් අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එම පරීක්ෂණය ආරම්භ කර තිබේ. අදාළ බිළිදාගේ මව පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම, සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳව සැළකිලිමත් වීමකින් තොරව එම කාන්තාව අපහසුතාවට පත්වන…
කාබනික පොහොර සඳහා රජය විසින් ගොවීන්ට ලබා දුන් සහනය මෙරට තේ හා එළවළු වගාව ප්‍රවර්ධනය සඳහා යෙදවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පසුගිය කාලය තුළ කොම්පෝස්ට් පොහොර යැයි කියමින් තමන්ට ලබාදී ඇත්තේ වැව්වලින් කපා ගත් පස් හා දහයියා බවට කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ පැවැති හමුවක දි ගොවි නියෝජිතයින් සඳහන් කර ඇති බව එම අමාත්‍යංශ්‍ය පැවසුවේය. ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර හා කොම්පෝස්ට් පොහොර තමන්ට අවශ්‍ය නොවන බව ගොවි නියෝජිතියින් එහිදි සඳහන් කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ ඉල්ලිම පරිදි කාබනික හා කොම්පෝස්ට් පොහොර වගාව සඳහා අවශ්‍ය නොවේ නම් එම මුදල් වෙනත් කෘෂි අංශ සංවර්ධනය සඳහා යෙදවිය හැකි බව කෘෂිකර්ම…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරු කිහිපයකින් ළමයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, දික්වැල්ල ගොඩඋඩ ප්‍රදේශයේ පිහිටි අතුරු මාර්ගයක අධික බෑවුම් සහිත ස්ථානයකදී පාපැදියකින් ගමන් කළ ළමයෙකු පාපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැනක ගැටී අනතුරක් සිදුව ඇති බවය. අනතුරින් 10 හැවිරිදි කොට්ටගොඩ ගොඩඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කුඩා පිරිමි ළමයෙකු මියගොස් තිබේ. එමෙන්ම අම්බලන්ගොඩ රිදියගම මාර්ගයේ ධීවර ගම්මානයට හැරෙන හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ තිදෙනෙකු ගමන් කර ඇති…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය. පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රතිපාදන නිකුත් කිරීම සඳහා සෘජු තීරණ ගැනීමට නොහැකි බවත් ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවිය යුතු බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය දා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබුණි. ඒ අනුව මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව නිමල් ජී. පුංචිහේවා මහතා…