Author: LFN

විවාහය සාර්ථක කරගැනීම සඳහා දේවාලයක් වෙත පැමිණි තරුණියක් දූෂණය කළ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට අධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ. මෙලෙස සිර දඬුවමට ලක්ව ඇත්තේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි. එහිදී අධිකරණය විසින් සැකකරුට වසර 15ක සිර දඬුවමක් ලබා දී ඇත. ඊට අමතරව රුපියල් දහසක දඩයක් ගෙවන ලෙසත් එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක් හිමි යුතු බවත් අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ. 2012 වර්ෂයේ ජූනි මස 28 වනදා දූෂණයට ලක්ව ඇති බව පැවසෙන කාන්තාව සිය පෙම්වතා සමඟ සිය විවාහය සාර්ථක කර දෙන්නැයි ඉල්ලා පූජාවක් තැබීමට අදාළ දේවස්ථානයට පැවසෙන ස්ථානය වෙත ගොස් ඇත. එහිදී සැකකාරු විසින්…

Read More

ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් පොරොන්දු වූ පරිදි පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතුවලට බාධා පැමිණ තිබෙන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බවද මැතිවරණ කොමිසම එමගින් දන්වා ඇත. මැතිවරණ කොමිසම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් මගින් මෙම කරුණු අනාවරණය කර තිබේ.

Read More

නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ වාහන අමතර කොටස් තොගයක් විනාශ කිරීම ඔරුගොඩවත්ත රේගු බහාලුම් පර්යන්තයේදී අද (20) සිදුකෙරුණි. එම අමතර කොටස් වෙළෙඳපොළට නිකුත් වුවහොත් ප්‍රමිතියෙන් තොර වාහන එකලස් කිරීමේ අවදානමක් පවතින බැවින් ඒවා විනාශ කළ බව රේගුව සඳහන් කළේය. එම වාහන අමතර කොටස් පසුගිය වසර 5ක කාලය තුළ නීතිවිරෝධීව මෙරටට ගෙන් වූ ඒවා බව වාර්තා වෙයි. නීතිවිරෝධිව මෙරටට ආනයනය කළ වාහන බඳ කොටස් සහ අමතර කොටස් විශාල ප්‍රමාණයක් රාජසන්තක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රේගුවේ ගබඩාවල තැන්පත් කර තිබුණි. ඉන් කොටස් 100ක පමණ ප්‍රමාණයක් අද විනාශ කරනු ලැබීය. එම අමතර කොටස් භාවිතයට නුසුදුසු බැවින් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒවා විනාශ කිරීමට ශ්‍රී ලංකා…

Read More

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන තුනක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. ඒ අනුව සරණ ගුණවර්ධන මහතා රුපියල් 30,000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය. ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩුව මාර්තු 23 වනදා කැඳවන ලෙසත් කොළඹ මහාධිකරණය නියම කර තිබේ. 2006 අගෝස්තු මස 01 වනදා සිට 2007 වසරේ ජූලි 31 වන දින දක්වා කාල සීමාව…

Read More

දරුවන්ගේ කුසගිනි නිවීමට ගෙවත්තේ කොස් ගසකින් ගෙඩියක් කැඩීමට උත්සාහ කළ සිව් දරු මවක් ගසෙන් වැටී මියයෑමේ ශෝචනීය පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා විය. එසේ මියගොස් ඇත්තේ ගම්පොළ, නාරංවිට බණ්ඩාරවත්ත පදිංචි බෝපාවිට ගෙදර ශාන්ති කුමාරී නමැති 50 හැවිරිදි සිව් දරු මවකි. ඇයට ගැහැනු දරුවන්ම සිව් දෙනකු සිටින අතර ඉන් තිදෙනකුම පාසල් යන වයසේ සිටින අය ය. ශාන්තිගේ සැමියා පිරිසිඳු කරන පුද්ගලික ආයතනයක කම්කරුවකු ලෙස සේවය කරන අයෙකි. මියගිය තැනැත්තියට රැකියාවක් නොමැති බවද අනාවරණය වී තිබේ. සැමියා උපයන සුළු ආදායම පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවීම නිසා පාසල් ළමුන්ගේ උපකරණ සැපයීම, ආහාර සපයා ගැනීම, බෙහෙත් ගැනීම ආදී කාර්යයන් ඉටු කර ගැනීමේදී අසීරු තත්ත්වයක ඔවුන් සිට…

Read More

නෝටන්බ්‍රිජ් දියගල මාර්ගයේ සිදු වු බස් රථ අනතුරෙන් පසු බස් රථයට යට වී සිටි තරුණයෙකුගේ සිරුරක් අද (20) උදැසන ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් සහ නෝටන්බ්‍රිජ් පොලීසියේ නිලධාරින් විසින් සොයාගෙන තිබේ. මෙසේ සොයාගෙන ඇත්තේ, හික්කඩුව කලුපේ ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිලාන් කෞෂල්‍ය නැමති 33 හැවිරිදි පුද්ගලයෙකි. බස් රථ අනතුරෙන් 26දෙනෙකු තුවාල ලබා තරුණියන් දෙදෙනෙකු ඊයේ (19) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව සිටි අතර, එම බස් රථයේ පැමිණි එක් අයෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වුණි. ඒ අනුව අද උදෑසන යුද හමුදා භට පිරිස් සහ පොලීසිය එක්ව බස් රථය පරීක්ෂා කිරීමේ දී අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර හමුව තිබේ.

Read More

කිඹුලාවල STREET FOOD ජංගම වෙළෙඳසැල් හැමෝම දන්න කියන ප්‍රසිද්ධ තැනක්. නමුත් පෙබරවාරි 24 වැනිදා වනවිට මේ ජංගම වෙළෙඳසැල් එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබේ. එම ස්ථානයේ වෙළෙඳසැල් 33ක් පමණ ඇති අතර ඒ හරහා පවුල් 150කට වැඩි පිරිසක් සිය ජීවනෝපාය සරිකර ගනී. කොවිඩ් වසංගතය හේතුවෙන් සිය රැකියා අහිමිවීම හේතුවෙන් කිඹුලාවල එම ස්ථානයේ සිය ව්‍යාපාර ආරම්භ කළ බව වෙළෙඳසැල් හිමියෝ පවසති. නාගරික සංවර්ධන අධිකාරිය මඟින් එම ස්ථානයේ වෙළෙඳාම් කිරීමට නීත්‍යානුකුල ක්‍රමවේදයක් යටතේ සැලසුම් කර තිබියදී මාර්ග සංවර්ධන අධිකාරිය මෙලෙස ක්‍රියාකිරීම අසාධාරණ බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි. “එකපාරට අපිව අයින් කරාම අපි මොකද්ද කරන්නේ කියලා අපිට හිතාගන්න…

Read More

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 23 වනදාට පෙර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් ගොනු කළ මෝසම සලකා බැලීමට අනවශ්‍ය බව ඔහුගේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව දාළ පෙත්සම සලකා බැලීම සඳහා කලින් නියම කළ පරිදි ලබන 23 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

Read More

පුත්තලම 58 වැනි බල සේනා මූලස්ථානයේ තිබූ ටී 56 ස්වයංක්‍රිය ගිනි අවියක් උන්ඩ 30 සහිත මැගසිනය සොරාගත් බව කියන එම කඳවුරේ රාජකාරි කරන සෙබළුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය පවසයි. මෙම ගිනි අවිය ජීව උන්ඩ සහිත මැගසිනය සන්තකයේ තබාගෙන සිටි බව කියන අනුරාධපුර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු ද මේ සමඟම සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. ටී 56 ස්වයංක්‍රීය ගිණි අවිය උණ්ඩ සහිත මැගසිනය ද මෙම සැකකාර ව්‍යාපාරිකයාගේ නිවසේ සඟවා ගෙන තිබියදී රහස් පොලිස් බාරයට ගනු ලැබීය. සැකපිට අත්අඩංගුවට ගත් යුධ හමුදා සෙබලුන් දෙදෙනා ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම ධනවත් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගන්නා…

Read More