Author: LFN

ගණේමුල්ල අමුණුගොඩ නිවසක පැවති උපන්දින සාදයක දී අතිවූ ගැටුමක් අතර ගැබිණි කාන්තාවගේ උදරයට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදාවේ සෙබළෙක් ගනේමුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. පා පහර කෑ සිවු මස් ගැබිනියක බොරැල්ල ද සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ කලලය පා පහරවැදීමෙන් විනාශයට පත්ව ඇති බවට එම රෝහලෙන් දැනුම් දී ඇති බවත් පොලිස් නිලධාරියෙක් මාධ්‍යට පැවැසීය. සැකකාර නාවික හමුදා සෙබළාගේ සහෝදරියකගේ නිවසේ උපන්දින සාදයක් පවත්වා ඇති අතර එයට මෙම නාවික සෙබළා ද සහභාගි වී තිබේ. මෙම නාවික සෙබළාගේ සහෝදරියගේ සැමියගේ සහෝදරයකු සහ නාවික සෙබළ අතර බහින්බස් වීමක් සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන්…

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව සමගි ජනබලවේගය සංවිධාන කරන විරෝධතාවයක් කොළඹදී අද පස්වරුවේ පැවැත්වෙනවා. එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ඡන්ද කල් දැමීමට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කිරීමට සිය පක්‍ෂය සැලසුම් කර ඇති බවයි.

Read More

චීනයේ කොවිඩ් සම්බන්ධ රජයේ ප්‍රතිපත්තියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූ විරෝධතාකරුවන් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය නොවැම්බර් මාසයේ සිට පැවති විරෝධතාවලට සහභාගී වූ පිරිස්වලට එරෙහිව රජය විසින් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති තිබූ බව වාර්තා වෙයි. එම විරෝධතා සඳහා දහස් ගණනක පිරිස් එක්ව සිටි අතර ඔවුන් විසින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් ගේ පාලනය දැඩිලෙස විවේචනයට ලක්කර තිබුණි. විරෝධතාවලට සහභාගී වූ පුද්ගලයින් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ බවට බලධාරීන් ප්‍රකාශ කර තිබුණ ද මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වාදෙන්නේ 100 ඉක්මවූ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය. ‍ රට තුළ කොවිඩ් වසංගතය පාලනය කිරීමට සමත්වූ බවට ද චීන රජය මේ…

Read More

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති තරගය ලකුණු 102කින් ජයගැනීමට නවසීලන්තය සමත්විය. එම තගරයේ කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත්වූ අතර ඔවුන්ගේ තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 162ක් රැස් කළාය. තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමිවී තිබූ ඉලක්කය ලකුණු 163කි. ඒ අනුව ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 60ක් පමණි.

Read More

වයස අවුරුදු හතක සහ වයස අවුරුද්දක් වන දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු රත්නපුර වතුයායක තිබියදී ඊයේ (19) සොයාගැනුණි. දරුවන් දෙදෙනාගේ මළ සිරුරු එලෙස සොයාගැනුණේ, රත්නපුර කරපිංච ප්‍රදේශයේ ශාන්ත ජෝකිම් වතු යායෙනි. එසේ මියගොස් තිබුණේ ශාන්ත ජෝකිම් වත්තේ අංක 4 නිවාස පෙළෙහි පදිංචිව සිටි එකම පවුලේ දරුවන් දෙදෙනෙකි. දරුවන්ගේ මව පැරසිටමෝල් පෙති අධි මාත්‍රාවෙන් බී දිවි නසාගැනීමට තැත් කර ඇති අතර ඇය ද අසාධ්‍ය තත්ත්වයෙන් රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඒ අනුව, පොලීසිය සැක කරන්නේ මව දරු දෙදෙනා ඝාතනය කර ඇය දිවි හානි කරගැනීමට තැත් කර ඇති බවටය. දරුවන් දෙදෙනා ළිඳට වැටී සිටියදී තමා ඔවුන් ගොඩට ගෙන අසල ලඳු කැලෑවෙන් තැබූ බව…

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 පාසල් වර්ෂයේ තෙවන වාරයේ අවසන් අදියර අද (20) ආරම්භ වේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය හේතුවෙන් ජනවාරි මස 23 වන දින සිට පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබීය. ඒ අනුව 2022 පාසල් වර්ෂයේ තෙවන වාරය මාර්තු මස 24 වනදායින් අවසන් වීමට නියමිතව තිබේ. 2023 පාසල් වර්ෂය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ මාර්තු මස 27 වනදාය. මේ අතර මාර්තු මස 27 වන දිනට පෙර 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් බෙදාහැර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ්‍ය පැවසුවේය.

Read More

පානදුර දකුණ පොලිස් වසමේ දුම්රිය පොළ පාර අසලදී නඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඊයේ (19) සවස් කාලයේදී 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවුඩයක් මත එම සිරුර සොයාගෙන ඇත. මරණකරු උස අඩි 05යි අඟල් 02ක් පමණ කෙට්ටු සිරුරකින් හෙබි වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙක් බව පොලීසිය පවසයි. කොණ්ඩය පැසුනු ස්භාවයකින් යුක්ත වන අතර උඩුකයට සුදු පැහැති දික් ඉරි සහිත අත්කොට කමිසයක්ද යටි කයට දුඹුරු පැහැති හරස් ඉරි සහිත සරමක්ද හැඳ සිටින බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

උඩුදුම්බර නකල්ස් රක්ෂිතයට අයත් ගැරඩිගල කන්ද තරණ කිරීමට ගොස් අතමංව සිටි තරුණ තරුණියන් 33 දෙනෙකු නිරුපද්‍රිතව මුදාගෙන තිබේ. අදාළ කන්ද තරණය කිරීමට ගොස් සිටි පිරිසක් අධික වර්ෂාව සහ මීදුම හේතුවෙන් නැවත පැමිණීමට නොහැකි වී අතරමංව ඇති බවට උඩුදුම්බර පොලීසිය තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව පොලිස් නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් සහ යුද හමුදාව එක්ව, එම පිරිස සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබුණි. එහිදි අතරමංව සිටි තරුණයන් 31 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට හැකිව ඇති අතර ඔවුන් මහනුවර, හෝමාගම, කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

Read More

ශ්‍රී පාද වන්දනාවේ ගිය බස් රථයක් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් තරුණියන් දෙදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලැබීය. අදාළ බස් රථය ඊයේ (19) රාත්‍රී 9.15ට පමණ නොර්ටන් බ්‍රිජ් පොලීසිය ආසන්න ප්‍රදේශයක දී අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව වාර්තා වුණි. අනතුරින් 26 හැවිරිදි 30 හැවිරිදි තරුණියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබු තවත් 25 දෙනෙකු ප්‍රතිකාර සඳහා වටවල, ගිනිගත්හේන සහ නොර්ටන් යන රෝහල්වලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබුවන් අතර බස් රථයේ රියදුරු සහ සහයක ඇතුළුව කාන්තාවන් 14දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11දෙනෙකු වන බව පොලීසිය පැවසුවේය. අනතුරින් මියගොස් ඇත්තේ තෙලිජ්ජවිල සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශවල පදිංචි තරුණියන් දෙදෙනෙකු බව සඳහන්ය. මොවුන්…

Read More