Author: LFN
මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරු යායක මඩ වගුරක ඔබා තිබූ තරුණියකගේ මළසිරුරක් අද (11) පෙරවරුවේ සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් තිබුණේ 26 හැවිරිදි තරුණියකි. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය තරුණියගේ මව, “දොර අරිනකොට දුව හිටියේ නැහැ. පොඩි දුව පෙන්නුවා සපත්තු දෙකේ පස් කියලා. මං ගිහින් අහල පහල අයට කිව්වා. පොලීසියටත් ගියා. හොයලා බලනකොට එක්කෙනෙක් කිව්වා මෙන්න ඉන්නවා කියලා. මං හිතුවේ ඉන්නවා කියලා. මඩ වගුරක දාලා.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන සිවිල් සමාජයේ පුද්ගලයකු පත්කිරීමට එම පක්ෂයේ ඉහළ අවධානය යොමුවී ඇත. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි පුද්ගලයකු පත් කිරීමට වැඩි ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බවයි. මෙයට අමතරව සභාපතිධුරය සඳහා තවත් නාමයෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇතැයි ඔහු සඳහන් කළේය. සභාපති ධූරය තව නොබෝ දිනකින් පිරවෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ අතර මහාචාර්ය ජී එල් පීරිස් මහතා පක්ෂය හැර ගිය සෙසු කිසිවකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු තනතුරක් නොදැරූ බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.
පේරාදෙණිය ගන්නෝරුව කන්ද ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි චීවරධාරීන් දෙදෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලෙීසිය පැවසුවේ ඔවුන් සතුව තිබී කැනීම් සඳහා යොදාගත් උපකරණද සිය භාරයට ගත් බවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 සහ 58 හැවිරිදි ගන්නෝරුව ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරදාරීන් දෙදෙනෙකි. සැකකරුවන් මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ෂණ ආරම්භ කර තිබේ.
කොරෝනා වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරකයන් පිරිස දිවයිනට පැමිණ තිබේ. 181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකයන් පිරිස දින 07 ක කාලයක් මෙරට සංචාරය කිරීමට නියමිතය. චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. 231 දරණ ගුවන්යානයෙන් ඊයේ (10) පස්වරු 06.51 ට කටුනායක ගුවන්තොටුපොළට එම පිරිස පැමිණි බව අප වාර්තාකරු පැවසීය. ඔවුන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. සෑම සතියකම චීනයේ ෂැංහයි සහ කුංමිං ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සිට චීන සංචාරකයන් රැගත් ගුවන් ගමන් වාර 06 ක් චයිනා ඊස්ටන් ගුවන් සේවයේ…
ඉන්දීය ජාතිකයෙකු ඇතුළු පස්දෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා මුම්බායි වෙත රත්‍රං කිලෝග්‍රෑම් 10.5ක් රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ දී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවය.
ඉන්දීය සම්භවයක් සහිත Vedant Patel අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අන්තර්වාර මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, වත්මන් මාධ්‍ය ප්‍රකාශක Ned Price මෙම මාසයේදී එම තනතුරට සමුදීමට නියමිතව ඇති පසුබිමකය. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඔහු මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවත් වුවද අමෙරිකානු රාජ්‍ය ලේකම් යටතේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරනු ඇති බවය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් වී ඇත්තේ මන්ත්‍රීවරුන් 8,000කගේ වියදම ආණ්ඩුවට දරාගැනීමට ඇති නොහැකියාව නම් ඊට විසඳුමක් දියහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය එකඟ නම් මෙවර පත්වන මන්ත්‍රීවරුන්ගේ දීමනාව අඩකින් හෝ 75%කින් අඩු කිරීමට යෝජනාවක් ගෙනඒමට තමන් සූදානම් බවය. “මේ බය ඡන්දෙට නෙමෙයි. ඡන්ද ප්‍රතිඵලයට. දැන් කියනවා මේ මන්ත්‍රීවරු 8,000ක් වැඩියි. මන්ත්‍රීවරු 8,000කට ඇයි පඩි ගෙවන්නේ.. ඔව් ඒක තමයි ඡන්ද ක්‍රමයේ තියෙන්නේ. ඒක 2018 හැදුවේ. දැන් අවුරුදු 5ක් ගතවෙලා තියෙනවා. අවුරුදු 5ක් ගතවෙලා මේ ඡන්ද ක්‍රමය වෙනස් කරගන්න බැරි වුණා නම්..මේ ඡන්ද ක්‍රමයේ වැඩි මන්ත්‍රීවරු සංඛ්‍යාව උපයෝගී කරගෙන තියෙන්නේ ඡන්දෙ කල්දැමීමේ…
වයස අවුරුදු එකහමාරක පමණ දැරියකට කෘෘර වධහිංසා සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකාර පියාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන බකමූණ අතරගල්ලෑව ගමඇල ප්‍රදේශයේ පදිංචි මහේෂ් රොහාන් නමැති අයෙකි. සැකකරුව ඊයේ (10) හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වනදා දක්වා එලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත. දැරියගේ ආරක්ෂාව සඳහා දැරියව ඇයගේ මිත්තනිය වෙත භාරදී ඇති බවද බකමූණ පොලීසිය පැවසීය.
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නෙරපීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය මගින් ඊයේ (10) වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් මෙම වාරණ නියෝගය නිකුත් කළාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, එහි සභාපති මහාචාර්ය ජී .එල්. පීරිස්, මහලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසකට එරෙහිව මෙම වාරණ නිකුත් කෙරුණි. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ස්ටැන්ලි ඩයස් ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. පැමිණිලිකරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් තමන්ව…
විදුලිබල මණ්ඩලයේ සහ බනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති සමග පවතින සාමූහික ගිවිසුමෙන් ඉවත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස විෂයභාර අමාත්‍යවරයා ලේකම්වරයාට දැනුම්දී තිබේ. ඒ, වසර 03කට වරක් 25%කින් වැටුප් වැඩිවන, වාර්ෂික ප්‍රසාද දීමනා සහ අනෙකුත් දීමනා ගෙවීම් පිළිබඳව ඇති කරගෙන තිබූ සාමූහික ගිවිසුමෙනි. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ඒ බව සඳහන් කර තිබුණි.