Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
අධික ලෙස දුම් පිට කරන වාහන පිළිබඳව දැනුම් දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. එවැනි වාහනයක අංක තහඩුව ඡායාරූපයට ගෙන ස්ථානය සහ වේලාව සඳහන් කර වට්ස්ඇප් හෝ වයිබර් පණිවිඩයක් මගින් 070-3500525 යන දුරකතන අංකයට එම දැනුම් දීම කළ හැකි බව එම දෙපාර්තුමේන්තුව පවසයි.
මාතර වෙල්ලමඩම මුහුදේ දියනෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙක් දියේ ගිලී අතුරුදන්වී තිබේ. ඔවුන් සොයා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලීසිය පැවසීය.
බුද්ධි අංශ වාර්තා අනුව මාලිමාව මෙවර සියයට 80කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මැතිවරණයෙන් ජයගන්නා බව රජයට දැනුම්දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා. “රනිල්ගේ, ගෝඨාභයගේ, රාජපක්ෂලාගේ, ඒ වටේ ඉන්න හෙන්චයියලාගේ පරාජය නළලේ ලියලා ඉවරයි. බුද්ධි අංශ විසින් ඒගොල්ලන්ට දීලා තියෙන වාර්තා සියල්ල කියන්නේ මොකක්ද. ? ජනතාව දිනන විසඳුම මාලිමාව ජනතාව පිළිඅරගෙන අවසානයි. ප්‍රතිඵලය සියයට 80ට වැඩියි කියන පණිවුඩය දැන් දීලා තියෙන්නේ. මැතිවරණ කොමිසමටත් අයිතියක් තියෙනවා. මැතිවරණය පවත්වන්න. මැතිවරණයට අවශ්‍ය මුදල් දෙන්න. භාණ්ඩාගාරයට අයිතියක් තියෙනවා. අද අපිට හුඟක්…
හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ. එහි උප කුලපතිවරයා සඳහන් කර ඇත්තේ පළමු වසරේ සිසුන් සඳහා එම විශ්වවිද්‍යාලය පෙබරවාරි 27 වනදා විවෘත කරන බවය.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට ගැනීම සඳහා මාර්තු මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (17) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
පෙබරවාරි මස 22,23,24 සහ 28 යන දිනවලදී සිදුකිරීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය සලකුණු කිරීම කල්දැමීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ බව දැනුම්දී ඇත.
මෙරටට ආනයනය කරන බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරතිබේ. බිත්තර හිඟය අවම කරලීම සඳහා රජය බිත්තර ආනයනය කිරීමට තීරණය කළේය. නමුත් පහසුවෙන් බිත්තර ආනයනය කළ හැකි රටවල් කිහිපයකින් කුරුළු උණ වසංගත තත්ත්වය වාර්තා වූ නිසා බිත්තර ආනයනය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා නොදුන්නේය. රටේ පවතින බිත්තර හිඟය සහ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව බිත්තර ආනයනය කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනවිට අවසර ලබා දී තිබේ. බිත්තර ආනයනය කිරීම සහ පශු සම්පත් සංවර්ධනය සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ ආනයනික බිත්තර භාවිත…
උද්ධමනය ක්‍රමාණුකූලව අඩු වන බැවින් බැංකු පොලී අනුපාතික අඩු කිරීම කෙරෙහි සලකාබලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග පැවති සාකච්ඡාවකදී බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. එසේම මාර්තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලැබෙතැයි තමා බලාපොරොත්තු වන බව එහිදී ජනාධිපතිවයා පවසා තිබේ.
සිය මෝටර් රථ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි. ඒ රට තුළ විවිධ ප්‍රදේශවලින් මෝටර් රථ සොරකම් කිරීම් වාර්තා වීම හේතුවෙනි. ඊට ආසන්නම සිදුවීම වාර්තා වූයේ වැලිවේරිය ප්‍රදේශයෙනි. එහිදී පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ රුපියල් ලක්ෂ 32ක් පමණ වටිනා මෝටර් රථයක් සොරකම් කිරීම ගැනය. අනතුරුව පොලිස් නිලධාරීන් ජංගම දුරකථන දත්ත භාවිතයෙන් පරීක්ෂණ සිදුකර පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබුණි. එම සැකකරු එම වාහනය රුපියල් ලක්ෂ 14කට මිලදී ගෙන ඇති අතර ඔහු ආඬිඅම්බලම ප්‍රදේශයේ 47 හැවිරිදි පුද්ගලයෙකි. වාහනය සොරකම් කළ පුද්ගලයා එම ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වැලිවේරිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ලබාදීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා. ඊශ්‍රායලයේ පවතින සංස්කෘතිය අනුව රෝගී සත්කාර සදහා වැඩි අවස්ථාවක් පවතින්නේ කාන්තාවන්ට නිසා සාත්තු සේවිකාවන්ට ප්‍රමුඛතාවය ලබාදීමටයි තීරණය කර ඇත්තේ. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය සහිත, වෘත්තීමය වශයෙන් පුහුණුව ලබා ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සෑම විටම රැකියා සදහා අවස්ථාව ලබා දෙන බව ඊශ්‍රායලය පවසා තිබෙනවා. එරට නියෝජිතයන් දැනුම් දී ඇත්තේ වසරකට අටදහසක් දක්වා වන ශ්‍රමිකයින්ට අවස්ථාව ලබාදීමට සූදානම් බවයි.