Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙට GMOA වැඩවර්ජනයක්

    October 30, 2025

    තවමත් බලය පිහිටුවා නැති සීතාවක ප්‍රාදේශීය සභාව

    October 30, 2025

    මායාකාරී කුණාටුවෙන් ජාතිය ගලවා ගන්නවා – ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දී ජනපතිගෙන් පොරොන්දුවක්

    October 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බස් ගාස්තු අඩු වෙයිද? ගමනාගමන කොමිසමේ තීරණය අද
    Featured

    බස් ගාස්තු අඩු වෙයිද? ගමනාගමන කොමිසමේ තීරණය අද

    By LFNJanuary 3, 2023No Comments2 Mins Read352 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් අලෙවි කෙරෙන ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරුණා.

    ඒ අනුව රුපියල් 420 ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 ක් වන අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 365 සිට රුපියල් 355 දක්වා අඩු වනවා.

    කෙසේවෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ.

    ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගනුලැබූ මෙම තීරණයට සාපේක්ෂව ඔටෝ ඩීසල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 15 කින් අඩුකිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද තීරණය කළා.

    මීට පෙර සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයේදී ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කෙරුණා. ඒ අනුව ඉකුත් කාලසීමාව තුළ පැවැති ඩීසල් මිල මේ වනවිට රුපියල් 25 කින් අඩු කර ඇති බැවින් ඊට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය සඳහා අද දිනයේ ගණනය කිරීම් සිදුකරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.

    එහි අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසුවේ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය ආයතනයේ නිර්දේශ අද දිනය තුළ ප්‍රවාහන අමාත්‍යංශය වෙත භාරදෙන බවයි.

    ඒ අනුව ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව බස් ගාස්තු අඩු කරනවාද? නැද්ද යන්න බොහෝදුරට හෙට දිනයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෙට GMOA වැඩවර්ජනයක්

    October 30, 2025

    තවමත් බලය පිහිටුවා නැති සීතාවක ප්‍රාදේශීය සභාව

    October 30, 2025

    මායාකාරී කුණාටුවෙන් ජාතිය ගලවා ගන්නවා – ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දී ජනපතිගෙන් පොරොන්දුවක්

    October 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,331 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    හෙට GMOA වැඩවර්ජනයක්

    October 30, 20250115 Views

    අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ…

    තවමත් බලය පිහිටුවා නැති සීතාවක ප්‍රාදේශීය සභාව

    October 30, 2025

    මායාකාරී කුණාටුවෙන් ජාතිය ගලවා ගන්නවා – ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දී ජනපතිගෙන් පොරොන්දුවක්

    October 30, 2025

    රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය වංචාවක්

    October 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.