Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බස් ගාස්තු අඩු වෙයිද? ගමනාගමන කොමිසමේ තීරණය අද
    Featured

    බස් ගාස්තු අඩු වෙයිද? ගමනාගමන කොමිසමේ තීරණය අද

    By LFNJanuary 3, 2023No Comments2 Mins Read353 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් අලෙවි කෙරෙන ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරුණා.

    ඒ අනුව රුපියල් 420 ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 ක් වන අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 365 සිට රුපියල් 355 දක්වා අඩු වනවා.

    කෙසේවෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ.

    ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගනුලැබූ මෙම තීරණයට සාපේක්ෂව ඔටෝ ඩීසල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 15 කින් අඩුකිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද තීරණය කළා.

    මීට පෙර සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයේදී ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කෙරුණා. ඒ අනුව ඉකුත් කාලසීමාව තුළ පැවැති ඩීසල් මිල මේ වනවිට රුපියල් 25 කින් අඩු කර ඇති බැවින් ඊට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය සඳහා අද දිනයේ ගණනය කිරීම් සිදුකරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.

    එහි අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසුවේ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය ආයතනයේ නිර්දේශ අද දිනය තුළ ප්‍රවාහන අමාත්‍යංශය වෙත භාරදෙන බවයි.

    ඒ අනුව ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව බස් ගාස්තු අඩු කරනවාද? නැද්ද යන්න බොහෝදුරට හෙට දිනයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.