Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025

    උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

    December 13, 2025

    මහ වැස්සෙන් හලාවත මහ රෝහලට රු.මි. 1200කට වැඩි හානියක්

    December 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්ධන සංචිත ගැන අලුත් ආරංචියක් එළියට
    Featured

    ඉන්ධන සංචිත ගැන අලුත් ආරංචියක් එළියට

    By LFNNovember 30, 2022No Comments2 Mins Read222 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විනිමය හා ආර්ථික අර්බුදය හමුවේ දුර්වලව පැවැති මෙරට ඉන්ධන සංචිත මේ වනවිට ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    එම සංස්ථාව සදහන් කළේ පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව ඉන්ධන සංචිත ශක්තිමත් තත්ත්වයකට පැමිණ ඇති අතර රටේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි ඉන්ධන සංචිත ප්‍රමාණයක් මේ වනවිට පවතින බවය.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දත්තවලට අනුව අද දිනය වන විට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 83,236ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 9955ක්, ඔක්ටෙන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20,640ක් සහ ඔක්ටෙන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,354ක් සංචිත ලෙස පවතින බව සඳහන් වෙයි.

    එමෙන්ම ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 10,022ක් අද දිනය වන විට මෙරට සංචිත තුළ පවතින අතර තවත් ගුවන් යානා ඉන්ධන නෞකා කිහිපයක් සඳහා ඇණවුම් ලබා දී ඇති බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේය.

    රටේ පැවැති අර්බුදකාරී වතාවරණය තුළ මිලදි ගන්නා සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණයම වෙළෙඳපොළට නිකුත් කිරීමට සිදුවීම තුළ ඉන්ධන සංචිත ශක්තිමත්ව පවත්වාගෙන යාමේ ක්‍රියාවලියට බාධා එල්ල විය.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පවසන්නේ QR ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමෙන් පසු ඉන්ධන නිකුත් කිරීම යම් සීමාවන්ට අනුගත වෙමින් සිදුකිරීම හේතුවෙන් ඉන්ධන සැපයුම් ජාලය නිසි කළමණාකරණයකට යටත් වී ඇති බවය.

    මේ වන විට අඛණ්ඩ ඉන්ධන මිලදී ගැනීම් සඳහා මීට පෙර සිදුකළ ආකාරයට යොමුවීමේ අවශ්‍යතාවක් නොපවතින අතර යම් යම් කාලානුරූපී නීර්ණයන් ඔස්සේ ඉදිරි මිලදී ගැනීම් සිදුකරන බවද එම සංස්ථාව වැඩිදුරටත් සදහන් කළේය.

    ඉන්ධන අර්බුදයත් සමග හඳුන්වාදුන් QR ක්‍රමවේදය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025

    උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

    December 13, 2025

    මහ වැස්සෙන් හලාවත මහ රෝහලට රු.මි. 1200කට වැඩි හානියක්

    December 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 20250118 Views

    ‘දිට්වා’ සුළු කුණාටුන් හේතුවෙන් බලපෑමට ලක් වූ ඉඩම් පිළිබඳව සංගණනයක් සිදුකිරීමට ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුවේ අවධානය…

    උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

    December 13, 2025

    මහ වැස්සෙන් හලාවත මහ රෝහලට රු.මි. 1200කට වැඩි හානියක්

    December 13, 2025

    2025 දී රටවිරුවන් ඩොලර් බිලියන 7කට වඩා ලංකාවට එවලා

    December 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.