Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මරණ පරීක්ෂකවරුන්ගෙන් පින් අතේ වැඩක්

    December 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    December 10, 2025

    හිටපු මහ බැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් නිදහස්

    December 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කංසාවලට ඇඹිලිපිටියේ ඉඩක් නෑ
    Featured

    කංසාවලට ඇඹිලිපිටියේ ඉඩක් නෑ

    By LFNNovember 20, 2022Updated:November 20, 2022No Comments2 Mins Read207 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ ආර්ථිකය ගොඩ නැගීමට යැයි කියමින් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නයත්, බෞද්ධ පිංවතුනුත් කිසිසේත් ම ඉඩ නොදෙන බව ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේ දී පැවසූහ.

    ‘අද ඇඹිලිපිටිය භෞතික සම්පත්වලින් සීග‍්‍රයෙන් දියුණුවන නගරයක් බවට පත්වෙලා තියනවා. ඇඹිලිපිටිය කියනකොට ඉස්සර තිබුණේ නරක චිත‍්‍රයක්. ප‍්‍රදේශයේ මහා සංඝරත්නය, බෞද්ධ පින්වතුන් එක්වෙලා අඹිලිපිටියට ආධ්‍යාත්මික සියුණුවක් ලබාදීපු බව කිව යුතුමයි. හැත්තෑව වනතෙක් ම අඹිලිපිටිය ප‍්‍රසිද්ධව තිබුණේ ගංජාවලට. මැලේරියාවට. අඩුකුලියට කුලීකරුවන් සපයාගන්නා මධ්‍යස්ථානය හැටියට. දඩ මස්වලට. මිනීමස් වලටත් ප‍්‍රසිද්ධියක් තිබුණා.

    ‘ඒ අතීතය බුදුදහමේ ආභාෂය ලබාදෙමින් පරිවර්ථනයට පත්වුණා. ඒ කාලේ අපි ගමනක් යන කොට ඇඹිලිපිටියේ කිව්වාම උපහාසාත්මකව බැලීමක් තිබුණා. ඇඹිලිපිටියේ අපි ඈත පළාත්වල ගියාම ඒ පැතිවල තරුණයෝ අපිව ඔලොක්කුවට අරගෙන කුරුලූ බැදිදේ ගීතය ප‍්‍රතිසංවිධානය කරමින් ‘ඇඹිලිපිටියේ ගිහිල්ලා බඩු මිටියක් ගෙනැල්ලා තාලයකට තියාලා පොඩි සුරුට්ටුවක් ඔතාලා’ කියලා ගායනා කරමින් කිව්වා. එවන් තත්ත්වයක් තිබුණු ඇඹිලිපිටිය අද ආධ්‍යාත්මික වශයෙන් දියුණුවී බෞද්ධාගමික පරිසරයක් ගොඩනැගී ඇති බව කිව යුතුයි.

    ‘මෙවන් පරිසරයක අපට ඇහෙනවා කණකොක් හඬක්. ඇඹිලිපිටිය යළිත් වරක් ගංජා පුරවරයක් බවට පත්කිරීමේ උත්සාහයක් දැන් ඉදිරිපත් වෙලා තියනවා. දේශීය වෛද්‍ය ඇමතිවරයා පසුගියදා කියනවා ගංජා වගාවට ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ අක්කර දහදාහක් වෙන් කරන්න යනවා කියලා. හැබැයි ජනාධිපතිවරයා ඒ කියන්නේ ගංජා කියලා නෙවෙයි. ත්‍රෛලෝක විජය පත‍්‍ර කියලා. හොඳ බුදධිමතුන් පිරිසක් ඒ නම තියලා තියෙන්නේ. ත්‍රෛලෝක විජය පත‍්‍ර කියන්නේ තුන්ලෝකය ජයග‍්‍රහණය කළ කියන එක. කංසා බීලා මත්වුණ කෙනෙකුට හිතෙන්නේ තමන් තුන් ලෝකේ ලොක්කා කියලා යැයි ඒ හිමියෝ පැවැසූහ

    ඉත්තෑදෙමළියේ ධම්මසිරි හිමියන්ට සද්ධර්ම කීර්ති සොනුත්තර කොළොන්න කෝරලයේ ප‍්‍රධාන සංඝනායක පදිවිය පිරිනැමීම නිමිත්තෙන් ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩපයේ පැවති උත්සව සභාවකදී උන් වහන්සේ මේ බව පැවසුහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මරණ පරීක්ෂකවරුන්ගෙන් පින් අතේ වැඩක්

    December 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    December 10, 2025

    හිටපු මහ බැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් නිදහස්

    December 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    මරණ පරීක්ෂකවරුන්ගෙන් පින් අතේ වැඩක්

    December 10, 20250122 Views

    ආපදාව හේතුවෙන් මරණයට පත් වූවන්ගේ මරණ පරීක්ෂණ කටයුතු සඳහා රජය ලබාදෙන දීමනාව ලබා නොගැනීමට හදිසි…

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    December 10, 2025

    හිටපු මහ බැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් නිදහස්

    December 10, 2025

    යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක ආධාර ප්‍රදානයක්

    December 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.