Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉරානයේ කාලය අවසන් වෙමින් පවතින බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
    International

    ඉරානයේ කාලය අවසන් වෙමින් පවතින බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    By LFNMay 18, 2026No Comments1 Min Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා ඇණහිට ඇති බැවින් ඉරානයේ කාලය ගෙවී යමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

    සිය තෘත් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉරානය ඉක්මන් කළ යුතු බවත් එසේ නොමැති වන්නේ නම් ඔවුන්ගේ කිසිවක් ඉතිරි නොවනු ඇති බවත්ය.

    ඉරානය සහ එක්සත් ජනපදය සාම සාකච්ඡා සඳහා පාකිස්තානයේ මැදිහත්වීමෙන් පැවැත්වුණු නමුත් එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් විය.

    මින් පෙරද එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සඳහන් කර තිබුණේ ඉරානය ගිවිසුමට එකඟ නොවන්නේ නම් ඔවුන්ගේ සමස්ත ශිෂ්ටාචාරයම මිය යනු ඇති බවය.

    දෙරට අතර පැවැති සාකච්ඡාවලින් පසුව ඉරානය විසින් අමෙරිකාවට යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර එම යෝජනා තුළ යුද හානි සඳහා වන්දි ගෙවීම, හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරාන ස්වෛරීභාවය අවධාරණය කිරීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් වූ නමුත් එක්සත් ජනපදය එම යෝජනාවලිය සඳහා එකඟතාවයක් පළ නොකළේය.

    එමෙන්ම එක්සත් ජනපදයද ඉරානයට කොන්දේසි කිහිපයක් නියම කළ අතර එහි ඉරානය එක් න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පමණක් ක්‍රියාත්මකව තබා ගත යුතු බවටත් එහි අධික ලෙස පොහොසත් යුරේනියම් තොගය එක්සත් ජනපදයට මාරු කළ යුතු බවටත් ඉල්ලීමක් ඇතුළත් විය.

    කෙසේ නමුත් දෙරටවල් විසින් මෙම යෝජනා ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව මෙතෙක් අවසන් එකඟතාවයකට එළැඹීමට එක්සත් ජනපදයට සහ ඉරානයට නොහැකි වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.