Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෙරට විදේශ ගමන් බලපත්‍රයට හිමිව ඇති තැන

    January 15, 2026

    මාරක ටිපර් රථ අනතුරක් – දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

    January 15, 2026

    ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාවට ජීවනෝපාය අහිමි වෙයි

    January 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාවට ජීවනෝපාය අහිමි වෙයි
    Featured

    ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාවට ජීවනෝපාය අහිමි වෙයි

    By LFNJanuary 15, 2026No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිට්වා සුළි කුණාටුවෙන් පසු යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා යම් යම් බාධා එල්ල වී ඇති බව සමීක්ෂණ වාර්තාවක් එළිදක්වමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

    ඒ සුළි කුණාටුවේ වඩාත්ම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක විසිදෙකෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 85ක් ආවරණය කරමින් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවය.

    ඒ අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 95%ක්ම තම ප්‍රදේශවල නේවාසික, කාර්මික හෝ ප්‍රජා යටිතල පහසුකම්වලට හානි සිදුව ඇති බව සඳහන් කර ඇති අතර, ඒ අතරට නිවාස සහ මාර්ග වැඩි සංඛ්‍යාවක් ඇතුළත් බවත් පවසා තිබේ.

    සුළි කුණාටුවෙන් හානියට පත් යටිතල පහසුකම් නැවත ගොඩනැංවීමේදී සහ අනුමැතීන් ලබාගැනීමේදී ඊට අදාළ ආයතන අතර පවතින දුර්වල සම්බන්ධීකරණය නිසා ප්‍රමාදයන් සිදුවන බව එහි සඳහන්ය.

    ඉදිකිරීම් කටයුතු සඳහා ගොඩනැගිලි ද්‍රව්‍යවල හිඟයක් පවතින අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබාගැනීමේදී ඇතැම් ජනතාවට සීමාවන්ට මුහුණදීමට සිදුව ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙයි.

    ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම් එල්ල වී ඇති බව සඳහන් කර ඇති අතර, ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කරගැනීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවයද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සිය වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරට විදේශ ගමන් බලපත්‍රයට හිමිව ඇති තැන

    January 15, 2026

    මාරක ටිපර් රථ අනතුරක් – දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

    January 15, 2026

    දෙමස්සිනාලාගේ විරසකය මරණයෙන් කෙළවර වෙයි

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,369 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    මෙරට විදේශ ගමන් බලපත්‍රයට හිමිව ඇති තැන

    January 15, 20260120 Views

    2026 වසර සඳහා හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව 93 වැනි ස්ථානයට…

    මාරක ටිපර් රථ අනතුරක් – දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

    January 15, 2026

    ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාවට ජීවනෝපාය අහිමි වෙයි

    January 15, 2026

    දෙමස්සිනාලාගේ විරසකය මරණයෙන් කෙළවර වෙයි

    January 15, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.