Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාවට ජීවනෝපාය අහිමි වෙයි
    Featured

    ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාවට ජීවනෝපාය අහිමි වෙයි

    By LFNJanuary 15, 2026No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිට්වා සුළි කුණාටුවෙන් පසු යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා යම් යම් බාධා එල්ල වී ඇති බව සමීක්ෂණ වාර්තාවක් එළිදක්වමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

    ඒ සුළි කුණාටුවේ වඩාත්ම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක විසිදෙකෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 85ක් ආවරණය කරමින් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවය.

    ඒ අනුව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 95%ක්ම තම ප්‍රදේශවල නේවාසික, කාර්මික හෝ ප්‍රජා යටිතල පහසුකම්වලට හානි සිදුව ඇති බව සඳහන් කර ඇති අතර, ඒ අතරට නිවාස සහ මාර්ග වැඩි සංඛ්‍යාවක් ඇතුළත් බවත් පවසා තිබේ.

    සුළි කුණාටුවෙන් හානියට පත් යටිතල පහසුකම් නැවත ගොඩනැංවීමේදී සහ අනුමැතීන් ලබාගැනීමේදී ඊට අදාළ ආයතන අතර පවතින දුර්වල සම්බන්ධීකරණය නිසා ප්‍රමාදයන් සිදුවන බව එහි සඳහන්ය.

    ඉදිකිරීම් කටයුතු සඳහා ගොඩනැගිලි ද්‍රව්‍යවල හිඟයක් පවතින අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබාගැනීමේදී ඇතැම් ජනතාවට සීමාවන්ට මුහුණදීමට සිදුව ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙයි.

    ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම් එල්ල වී ඇති බව සඳහන් කර ඇති අතර, ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කරගැනීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවයද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සිය වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202606 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.