Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෙනිසියුලාව සතු බොර තෙල් අමෙරිකාවට භාරදෙයි
    Featured

    වෙනිසියුලාව සතු බොර තෙල් අමෙරිකාවට භාරදෙයි

    By LFNJanuary 7, 2026No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ සඳහා වෙනිසියුලා රජය විසින් බොර තෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් අලෙවි කිරීමට එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඊයේ (06) රාත්‍රියේ මේ බව සටහන් කර ඇත.

    ට්‍රම්ප් මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වෙනිසියුලා අන්තර්වාර රජයේ බලධාරීන් විසින් සම්බාධක පනවා ඇති බොර තෙල් මෙලෙස අමෙරිකාවට භාරදෙන බවය.

    එම තෙල් අලෙවි කර ලැබෙන ආදායම අමෙරිකාව විසින් පාලනය කරනු ඇති අතර, එය වෙනිසියුලා ජනතාව සහ අමෙරිකාව යන දෙපාර්ශ්වයටම ප්‍රයෝජනවත් වන ලෙස භාවිත කරන බවද ඔහු සඳහන් කළේය.

    මෙම සැලැස්ම ක්ෂණිකව ක්‍රියාත්මක කරන ලෙස බලශක්ති අමාත්‍ය ක්‍රිස් රයිට්ට උපදෙස් ලබාදී ඇති අතර,බොර තෙල් බැරල් ගබඩා නෞකා මඟින් සෘජුවම අමෙරිකා එක්සත් ජනපදයේ බහාලුම් වරායන් වෙත ගෙන ඒමට නියමිතය.

    විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, මෙම බොර තෙල් දැනටමත් බැරල්වලට පුරවා ඇති අතර, ඒවායේ බහුතරය දැනට නෞකා මත පවතින බවය. ඒවා අමෙරිකානු මුහුදු කලාපයේ පිරිපහදු කර්මාන්ත ශාලාවලට යොමු කෙරෙනු ඇති බවය.

    කෙසේ වෙතත්, බැරල් මිලියන 30–50ක තෙල් ප්‍රමාණයක් විශාල ලෙස පෙනුණද, අමෙරිකාව පසුගිය මාසය තුළ දිනකට බැරල් මිලියන 20කට අධික තෙල් ප්‍රමාණයක් භාවිත කර ඇති බව වාර්තා වේ.

    එම හේතුවෙන් මෙම තෙල් නිකුතුවෙන් ඉන්ධන මිලට ලැබෙන බලපෑම සීමිත විය හැකි බව විශ්ලේෂකයන් පවසති.

    ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ අමෙරිකානු තෙල් මිල බැරලයකට ඩොලර් 1කින්, එනම් සියයට 2කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඩොලර් 56 දක්වා අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    වෙනිසිලා තෙල් බැරලයක් දැනට ඩොලර් 55කට වටින අතර, බැරල් මිලියන 50ක් අලෙවි කළහොත් ඩොලර් බිලියන 1.65 සිට 2.75 දක්වා ආදායමක් ලැබිය හැකි බව ද සඳහන් වේ.

    කෙසේ වෙතත්, මෙලෙස විශාල තෙල් ප්‍රමාණයක් භාරදීමෙන් වෙනිසුවෙලාගේම තෙල් සංචිත අඩු වීමේ අවදානමක් පවතින බවද විශේෂඥයන් අනතුරු අඟවති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.