Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 2025

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බලපත්‍ර නොමැති බීර විකුණු පිරිසක් අත්අඩංගුවට
    Featured

    බලපත්‍ර නොමැති බීර විකුණු පිරිසක් අත්අඩංගුවට

    By LFNDecember 16, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතර කිරිකැටිය හා ගාල්ල අහංගම යන ප්‍රදේශ වල සුරාබදු බලපත්‍ර නොමැති ස්ථානවල සවිකර තිබූ බීර විකිණිමේ මැෂින් (KEG MACHINE) කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් සිදුකළ වැටලීමකදී සිය භාරයට ගෙන තිබේ.

    මෙහිදි විවිද බීර සඳහා වෙන වෙනම ටැප් සවිකර බියර් විකිණීම සිදුකර තිබූ බව එම නිලධාරීන් පවසයි.

    බීර අඩංගු KEG විශාල ප්‍රමාණයක් හා බීර වීදුරු ගණන් ලබාදෙන මැෂින් 04ක්, එයට සවිකර තිබූ cO2 සිලින්ඩරයක්, රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනාකමින් යුතු බීර සහ ඒවා විකිණීමට යොදා ගන්නා උපකරණ තොගයක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් සිය භාරයට ගෙන ඇත.

    බලපත්‍ර නොමැති ස්ථාන සඳහා මෙම බීර සහ අදාළ උපකරණ ලැබී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව ද විමර්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති බව එම නිලධාරීන් පවසයි.

    මේ අතර අදාළ වෙළෙඳසැල්වල අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඇපමත නිදහස් කර ඇති අතර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව සඳහන් වේ.

    සුරා බදු කොමසාරිජනරාල් M.B.N.A.පේමරත්න මහතා, නියෝජ්‍ය සුරා බදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරිම්) තිස්ස කුමාර රාජපක්ෂ මහතා සහ නියෝජ්‍ය සුරා බදු කොමසාරිස් (ආදායම්) එම්. ජයන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරි පී.එන් හේමන්ත මහතා, ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ජයකොඩි මහතා,සුරාබදු පරීක්ෂකවරුන් වන නිශාන්ත, ඩයස් , ජයවීර යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 2025

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

    December 16, 20250122 Views

    ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස්…

    වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය

    December 16, 2025

    සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

    December 16, 2025

    සැමියාගේ පිහි පහරට පෙර ඉස්සර වූ බිරිඳගේ පොරෝ පහර

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.