Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බලපත්‍ර නොමැති බීර විකුණු පිරිසක් අත්අඩංගුවට
    Featured

    බලපත්‍ර නොමැති බීර විකුණු පිරිසක් අත්අඩංගුවට

    By LFNDecember 16, 2025No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතර කිරිකැටිය හා ගාල්ල අහංගම යන ප්‍රදේශ වල සුරාබදු බලපත්‍ර නොමැති ස්ථානවල සවිකර තිබූ බීර විකිණිමේ මැෂින් (KEG MACHINE) කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් සිදුකළ වැටලීමකදී සිය භාරයට ගෙන තිබේ.

    මෙහිදි විවිද බීර සඳහා වෙන වෙනම ටැප් සවිකර බියර් විකිණීම සිදුකර තිබූ බව එම නිලධාරීන් පවසයි.

    බීර අඩංගු KEG විශාල ප්‍රමාණයක් හා බීර වීදුරු ගණන් ලබාදෙන මැෂින් 04ක්, එයට සවිකර තිබූ cO2 සිලින්ඩරයක්, රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනාකමින් යුතු බීර සහ ඒවා විකිණීමට යොදා ගන්නා උපකරණ තොගයක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් සිය භාරයට ගෙන ඇත.

    බලපත්‍ර නොමැති ස්ථාන සඳහා මෙම බීර සහ අදාළ උපකරණ ලැබී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව ද විමර්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති බව එම නිලධාරීන් පවසයි.

    මේ අතර අදාළ වෙළෙඳසැල්වල අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඇපමත නිදහස් කර ඇති අතර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව සඳහන් වේ.

    සුරා බදු කොමසාරිජනරාල් M.B.N.A.පේමරත්න මහතා, නියෝජ්‍ය සුරා බදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරිම්) තිස්ස කුමාර රාජපක්ෂ මහතා සහ නියෝජ්‍ය සුරා බදු කොමසාරිස් (ආදායම්) එම්. ජයන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරි පී.එන් හේමන්ත මහතා, ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ජයකොඩි මහතා,සුරාබදු පරීක්ෂකවරුන් වන නිශාන්ත, ඩයස් , ජයවීර යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.