Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 2025

    ඉන්දීය බුද්ධි අංශ හෙළි කළ දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුම – ඉන්දීය බුද්ධි අංශත් සීරුවෙන්

    November 9, 2025

    ඝාතනය කර වැසිකිළි වලකට දමා තිබූ මළ සිරුරක් වසරකට පසුව සොයා ගනී

    November 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – 08 හැවිරිදි දරුවෙකු ඇතුළු 04ක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයක් – 08 හැවිරිදි දරුවෙකු ඇතුළු 04ක් මරුට

    By LFNNovember 9, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් 08 හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ (08) මෙම අනතුරු සිදුව තිබුණේ මාතලේ, තණමල්විල, වැලිකන්ද සහ කොටවිල පොලිස් වසම්වලදීය.

    වැලිකන්ද පොලිස් වසමේ අසේලපුර කුරුළුබැද්ද මාර්ගයේ අසේලපුර ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක මාර්ගය හරහා ගමන් කල දරුවෙකු ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ එම දරුවා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, අසේලපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 08 හැවිරිදි දරුවෙකි.

    මේ අතර මහනුවර – යාපනය මාර්ගයේ දියබුබුල පාලම අසලදී මාතලේ දෙස සිට ඇල්වල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා ගමන්කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා මාතලේ රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 70 ක් පමණ වන යාචක පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.

    මේ අතර තණමල්විල – වැල්ලවාය මාර්ගයේ බලහරුව ප්‍රදේශයේදී ටිපර් රථයක ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ වෑන් රථ රියදුරු තණමල්විල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, තණමල්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

    මෙ අතර කොටවිල පොලිස් වසමේ කඹුරුගමුව ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ලැබීම රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, කොටවිල, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 2025

    ඉන්දීය බුද්ධි අංශ හෙළි කළ දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුම – ඉන්දීය බුද්ධි අංශත් සීරුවෙන්

    November 9, 2025

    ඝාතනය කර වැසිකිළි වලකට දමා තිබූ මළ සිරුරක් වසරකට පසුව සොයා ගනී

    November 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,398 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    අස්වැසුම ලබන පාර්ශ්වයන්ට විශේෂ දැනුම්දීමක්

    November 9, 20250117 Views

    අස්වැසුම වාර්ෂික තොරතුරු යතාවත් කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය…

    ඉන්දීය බුද්ධි අංශ හෙළි කළ දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුම – ඉන්දීය බුද්ධි අංශත් සීරුවෙන්

    November 9, 2025

    ඝාතනය කර වැසිකිළි වලකට දමා තිබූ මළ සිරුරක් වසරකට පසුව සොයා ගනී

    November 9, 2025

    අදත් හවසට මි.මී 75 ඉක්මවූ වැසි

    November 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.