Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්වරයාගේ වැඩතහනම්

    December 16, 2025

    සී.බී. රත්නායකට ඇප

    December 16, 2025

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා හම්බන්තොට වරායට රැගෙන එයි
    Featured

    දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා හම්බන්තොට වරායට රැගෙන එයි

    By LFNOctober 31, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වී දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා දින 13කට පසුව නාවික හමුදාව විසින් අද (31) අලුයම 5ට පමණ හම්බන්තොට වාරයට රැගෙන විත් තිබේ

    දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වී දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා දින 13කට පසුව නාවික හමුදාව විසින් අද (31) අලුයම 5ට පමණ හම්බන්තොට වාරයට රැගෙන විත් තිබේ.

    අගෝස්තු මස 31 වන දින ධීවරයින් 6 දෙනෙකු සමඟ මෙම බහුදින යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණි.

    පසුව එම ධීවර යාත්‍රාව පසුගිය 16 වන දින සිට අතුරුදන්ව ඇති බවට ධීවර යාත්‍රාවේ හිමිකරු දැනුම්දී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ධීවර යාත්‍රාව අනතුරට ලක්ව තිබුණේ මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 300ක පමණ දුරින්ය.

    යාත්‍රාවේ සිටි ධීවරයින් 6දෙනාගෙන් එක් අයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති අතර, තවත් අයෙක් දින 11කට පමණ පසුව මියගොස් තිබේ.

    එහිදි අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව්දෙනෙකු ඉන්දුනීසියානු ධීවර බෝට්ටුවක් මඟින් මුදාගෙන ඇති බවට නාවික හමුදාව වෙත තොරතුරු ලැබී තිබුණි.

    ඒ අනුව එම ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් පිටත්කර හැරීමට නාවික හමුදාව කටයුතු කර තිබුණි.

    අදාළ ධීවර යාත්‍රාව පසුගිය 16 වන දින සිට අතුරුදන්ව ඇති බවට ධීවර යාත්‍රාවේ හිමිකරු දැනුම්දී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    අනතුරට ලක් වූ යාත්‍රාව තුළ සිටි ධීවරයින් සිව්දෙනෙකු ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවකින් බේරාගෙන තිබුණේ, අදාළ ධීවර යාත්‍රාව ආසන්නයෙන් ගමන් කරන වෙළෙඳ නෞකාවක් විසිනි.

    පසුව පණිවුඩ හුවමාරු මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරළ නෞකාවේ කපිතාන් මහේෂ් කුලසිරි මහතාට මේ බව දැනුම්දී තිබුණි.

    ඒ අනුව විශේෂ නාවික කණ්ඩායමක් ඊයේ (30) පිටත්කර යැවුණේ වෙළෙඳ නෞකාව විසින් රැගෙන එනු ලැබූ ධීවරයින් ලබාගැනීම සඳහාය.

    මෙලෙස අද උදෑසන හම්බන්තොට වරායට රැගෙන ආ ධීවරයින් සිව්දෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට යොමුකර ඇත.

    ඒ අතරින් ධීවරයින් දෙදෙනෙකු දැඩි ලෙස දුර්වල තත්ත්වයේ සිට ඇති බව වාර්තාවේ.

    මියගිය එක් ධීවරයෙක් හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඊ.ඩී.ආර් නවෝදන වන අතර මියගිය අනෙක් පුද්ගලයා දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. එච්.ඒ.ඩි සුරංග යන අයයි.

    දිවි බේරාගෙන ඇත්තේ, පෝෂිත නිමන්ත, ශානක අමිල,ඕෂාන් මදුසංක, ධම්මික ලක්මාල් යන සිව්දෙනාය.

    ඉන්දුනිසියානු නෞකාව විසින් මියගිය ධීවරයින්ගේ මෘත ශරීරය භාරගැනීමට කැමැත්ත පළ කර නොමැති වීම හේතුවෙන් එම මළ සිරුරු අතහැර දමා පැමිණ ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්වරයාගේ වැඩතහනම්

    December 16, 2025

    සී.බී. රත්නායකට ඇප

    December 16, 2025

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්වරයාගේ වැඩතහනම්

    December 16, 20250122 Views

    අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව…

    සී.බී. රත්නායකට ඇප

    December 16, 2025

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.