Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා හම්බන්තොට වරායට රැගෙන එයි
    Featured

    දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා හම්බන්තොට වරායට රැගෙන එයි

    By LFNOctober 31, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වී දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා දින 13කට පසුව නාවික හමුදාව විසින් අද (31) අලුයම 5ට පමණ හම්බන්තොට වාරයට රැගෙන විත් තිබේ

    දෙවුන්දරින් මුහුදු ගොස් අනතුරට ලක්වී දිවි බේරාගත් ධීවරයින් සිව්දෙනා දින 13කට පසුව නාවික හමුදාව විසින් අද (31) අලුයම 5ට පමණ හම්බන්තොට වාරයට රැගෙන විත් තිබේ.

    අගෝස්තු මස 31 වන දින ධීවරයින් 6 දෙනෙකු සමඟ මෙම බහුදින යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණි.

    පසුව එම ධීවර යාත්‍රාව පසුගිය 16 වන දින සිට අතුරුදන්ව ඇති බවට ධීවර යාත්‍රාවේ හිමිකරු දැනුම්දී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ධීවර යාත්‍රාව අනතුරට ලක්ව තිබුණේ මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 300ක පමණ දුරින්ය.

    යාත්‍රාවේ සිටි ධීවරයින් 6දෙනාගෙන් එක් අයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති අතර, තවත් අයෙක් දින 11කට පමණ පසුව මියගොස් තිබේ.

    එහිදි අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව්දෙනෙකු ඉන්දුනීසියානු ධීවර බෝට්ටුවක් මඟින් මුදාගෙන ඇති බවට නාවික හමුදාව වෙත තොරතුරු ලැබී තිබුණි.

    ඒ අනුව එම ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් පිටත්කර හැරීමට නාවික හමුදාව කටයුතු කර තිබුණි.

    අදාළ ධීවර යාත්‍රාව පසුගිය 16 වන දින සිට අතුරුදන්ව ඇති බවට ධීවර යාත්‍රාවේ හිමිකරු දැනුම්දී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    අනතුරට ලක් වූ යාත්‍රාව තුළ සිටි ධීවරයින් සිව්දෙනෙකු ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවකින් බේරාගෙන තිබුණේ, අදාළ ධීවර යාත්‍රාව ආසන්නයෙන් ගමන් කරන වෙළෙඳ නෞකාවක් විසිනි.

    පසුව පණිවුඩ හුවමාරු මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරළ නෞකාවේ කපිතාන් මහේෂ් කුලසිරි මහතාට මේ බව දැනුම්දී තිබුණි.

    ඒ අනුව විශේෂ නාවික කණ්ඩායමක් ඊයේ (30) පිටත්කර යැවුණේ වෙළෙඳ නෞකාව විසින් රැගෙන එනු ලැබූ ධීවරයින් ලබාගැනීම සඳහාය.

    මෙලෙස අද උදෑසන හම්බන්තොට වරායට රැගෙන ආ ධීවරයින් සිව්දෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට යොමුකර ඇත.

    ඒ අතරින් ධීවරයින් දෙදෙනෙකු දැඩි ලෙස දුර්වල තත්ත්වයේ සිට ඇති බව වාර්තාවේ.

    මියගිය එක් ධීවරයෙක් හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඊ.ඩී.ආර් නවෝදන වන අතර මියගිය අනෙක් පුද්ගලයා දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. එච්.ඒ.ඩි සුරංග යන අයයි.

    දිවි බේරාගෙන ඇත්තේ, පෝෂිත නිමන්ත, ශානක අමිල,ඕෂාන් මදුසංක, ධම්මික ලක්මාල් යන සිව්දෙනාය.

    ඉන්දුනිසියානු නෞකාව විසින් මියගිය ධීවරයින්ගේ මෘත ශරීරය භාරගැනීමට කැමැත්ත පළ කර නොමැති වීම හේතුවෙන් එම මළ සිරුරු අතහැර දමා පැමිණ ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.