Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිසියෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක්

    July 22, 2025

    යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විවාදයක්

    July 22, 2025

    මහින්දගේ ආරක්ෂාව ගැන ආණ්ඩුව වග කියනවාද?

    July 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් යැවීමට අවබෝධතා ගිවිසුමක්
    Featured

    E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් යැවීමට අවබෝධතා ගිවිසුමක්

    By LFNJuly 22, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඍතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන කොරියානු පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීමටත් පසුගිය පෙබරවාරි මස 19 වැනි දින ජුනි මස 01 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව, කොරියාවේ බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඍතුමය සේවකයින් බඳවා ගැනීමට සහ ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාව පළ කර තිබේ.

    යෝජිත අවබෝධතා ගිවිසුම මඟින්, ශ්‍රී ලාංකිකයින්ට සෘතුමය ශ්‍රමික වැඩසටහන යටතේ කෙටි කාලයක් (උපරිම මාස 8ක් දක්වා) බෝසෝං පළාතේ කෘෂිකාර්මික ගම්මානවල සේවය කර ආදායමක් උපයා ගැනීමට සහ මෙරටට විදේශ විනිමය උපයා දීමට අවස්ථාව සැලසෙනු ඇත.

    ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුම බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිසියෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක්

    July 22, 2025

    යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විවාදයක්

    July 22, 2025

    මහින්දගේ ආරක්ෂාව ගැන ආණ්ඩුව වග කියනවාද?

    July 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,320 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,512 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,026 Views
    Don't Miss

    පොලිසියෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක්

    July 22, 20250122 Views

    මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත්…

    යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විවාදයක්

    July 22, 2025

    මහින්දගේ ආරක්ෂාව ගැන ආණ්ඩුව වග කියනවාද?

    July 22, 2025

    E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් යැවීමට අවබෝධතා ගිවිසුමක්

    July 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.