Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලීසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
    Featured

    පොලීසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

    By LFNJuly 8, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2018 වසරේ අලි ඇතුන් ගම් වැඳීම වැළැක්වීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් පොළොන්නරුව – මහියංගන මාර්ගයේ පිහිටි කළු කැළේ ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් පොලීසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) තීන්දු කළේය.

    ඒ අනුව අරලගංවිල පොලීසියේ එවක ස්ථානාධිපති ලෙස කටයුතු කළ එස්.එම්.එල්.ආර්. බණ්ඩාර මහතා විසින් ඔහුගේ පෞද්ගලික මුදල්වලින් පෙත්සම්කරුවන්ට රුපියල් 30000/- බැගින් වන්දි ගෙවිය යුතු බවත් නියෝග කරන ලදී.

    පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ආර්. ඒ. ගාමිණී ජයරත්න සහ එච්.ආර්. එරන්ද යන අය විසින් ඉදිරිපත් කළ මූලික පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයි රාජා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

    තීන්දුව තුළින් විනිසුරුවරු කියා සිටින්නේ පොලීසිය ඉල්ලා සිටි පමණින් යම් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරු කටයුතු නොකළ යුතු බවය.

    සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීම සඳහා පොලිසිය විසින් කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් විචක්ෂණශීලීව තීරණ ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් බව මෙම තීන්දුවෙන් පෙන්වා දී තිබේ.

    ඇප පනත මගින් පිළිගෙන ඇති පරිදි ඇප ලබා දීම සම්මතය බවත් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකය විය යුතු බව සඳහන් කළ විනිසුරුවරයා මහෙස්ත්‍රාත්වරයෙකු ඇප ලබා දීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකළ යුත්තේ පොලිසියේ ඉල්ලීම මත පමණක් නොව අපරාධ යුක්තියේ අරමුණුවලට අනුකූලව බවත් සඳහන් කර සිටියේය.

    අධිකරණය මහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටින බව මහෙස්ත්‍රාත්වරුන් දැඩි ලෙස දැනුවත් විය යුතු අතර, නීතියෙන් පිළිගත් සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් එවැනි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සීමා කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කළ යුතු බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

    මෙම තීන්දුවේ අඩංගු මූලධර්ම පිළිබඳව මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීම සඳහා විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය අවශ්‍ය පියවර ගනු ඇතැයි මෙම අධිකරණයේ අපේක්ෂාව බවත් විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

    එසේම මහජන උද්ඝෝෂණ විසුරුවා හැරිය යුත්තේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයට බවත් ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දැනුවත් කිරීම අවශ්‍ය බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ ප්‍රකාශ කර සිටියේය.

    ඊට අමතරව වල් අලි ගම් වැදීම වැළැක්වීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වනජීවි අධ්‍යක්ෂ ජෙනරල්වරයාටද නියෝග කළ විනිසුරු මඩුල්ල මෙම නඩු තීන්දුවේ පිටපත් අවශ්‍ය පියවර ගැනීම සඳහා නීතිපතිවරයා, පොලිස්පතිවරයා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, අරලගංවිල පොලිසියේ ස්ථානාධිපතිවරයා, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පාර්ශවයන්ට යොමු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.