Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025

    දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි

    July 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි ගාස්තු ගැලපීමෙන් IMF වාරිකයට සහායක්
    Featured

    විදුලි ගාස්තු ගැලපීමෙන් IMF වාරිකයට සහායක්

    By LFNJuly 4, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පිරිවැය ආවරණය වනපරිදි විදුලි ගාස්තු ගැලපීම ඇතුළු පූර්ව ක්‍රියාමාර්ග සපුරාලීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය පහසුකමේ 5 වැනි වාරිකය මුදාහැරීමට තීරණය කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

    ඒ, අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 350ක මුදලක් හිමිවෙයි.

    ඊයේ (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපාජොජියෝ මහතා මෙම කරුණු පැහැදිලි කළේය.

    “ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය පහසුකමේ සිව්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීම නිසා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 350කට ප්‍රවේශය හිමිවනවා. ඒ අනුව IMF වෙතින් ශ්‍රී ලංකාවට ලබාදුන් මුළු මුදල ඩොලර් බිලියන 1.75ක් පමණ. මෙම මුදල ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීම සඳහා යොදාගත හැකියි.”

    “එය ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීම සඳහා වැදගත් සන්ධිස්ථානයක් වනවා. සිව්වැනි සමාලෝචනයට අදාළව ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය පොදුවේ ශක්තිමත් බව කිව යුතුයි.”

    “ඉලක්කයන් සාක්ෂාත් කරගැනීමේ අවදානම අවම කරලීමටත් පියවර ගෙන තිබෙනවා. මෙම සමලෝචනයේදී ප්‍රධාන වශයෙන් පූර්ව ක්‍රියාමර්ග දෙකක් සැලකිල්ලට ගනු ලැබුවා. ශ්‍රී ලංකා බලධාරීන් ඒ ක්‍රියාමර්ග දෙකම සම්පූර්ණ කර තිබෙනවා.”

    “පළමු වැන්න, 2025 වසරේ ඉදිරි කාලසීමාව සඳහා පිරිවැය ප්‍රතිසාධන විදුලි මිලකරණය. දෙවැන්න, ස්වයංක්‍රීය විදුලි මිල සැකසුම් යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025

    දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි

    July 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,310 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,506 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,939 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 20250117 Views

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවර එළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක්…

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025

    දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි

    July 4, 2025

    එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    July 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.