Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඊශ්‍රායල රජයට එරෙහිව එරට වැසියෝ පාරට බසියි

    June 29, 2025

    අනවසරයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට තැත් කළ ලාංකිකයින් තිදෙනෙකු අල්ලයි

    June 29, 2025

    නීති විරෝධී ලෙස ගෙන්වූ කෝටි තුනක වාහන දෙකක් බණ්ඩාරගමින් හමුවෙයි

    June 29, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලොක්කන් තව 18 කට දූෂණ චෝදනා
    Featured

    ලොක්කන් තව 18 කට දූෂණ චෝදනා

    By LFNJune 29, 2025No Comments1 Min Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශපාලනඥයන්ට විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා කිරීමට උදව් කළ සහ ආධාර අනුබල දුන් බව කියන අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රජයේ උසස් නිලධාරින් 18ක් සම්බන්ධයෙන්ද අල්ලස් හෝ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඇතුළු විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ ආරම්භ කර ඇත.

    විවිධ දූෂණ වංචා චෝදනා එල්ල වූ රජයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු දැනට විදේශයන්ට පලා ගොස් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම නිලධාරීන් අවශ්‍ය අවස්ථාවලදී මෙරටට ගෙන්වා ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ට විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා කිරීමට ආධාර අනුබල දී ඇතැයි පැවසෙන මෙම රජයේ උසස් නිලධාරීන් එම ආක්‍රමිකතාවලින් තමන්ද යම් වාසි වරදාන ලබාගෙන ඇති බවත් කෝටි ගණනින් ඉඩම් වාහන ඇතුළු දේපළ මිලදීගෙන ඇති නිලධාරීන් කිහිපදෙනකු පිළිබඳවද තොරතුරු අනාවරණය වන බවත් විමර්ශන කණ්ඩායම් පවසති.

    මෙම නිලධාරීන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමටද විමර්ශන කණ්ඩායම් මේ දිනවල කටයුතු කරමින් සිටිති. බාල බෙහෙත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ වත්කම් සම්බන්ධයෙන්ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනවසරයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට තැත් කළ ලාංකිකයින් තිදෙනෙකු අල්ලයි

    June 29, 2025

    නීති විරෝධී ලෙස ගෙන්වූ කෝටි තුනක වාහන දෙකක් බණ්ඩාරගමින් හමුවෙයි

    June 29, 2025

    ආනයනික බහාලුම් නිෂ්කාශන තදබදය අවසන්

    June 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,931 Views
    Don't Miss

    ඊශ්‍රායල රජයට එරෙහිව එරට වැසියෝ පාරට බසියි

    June 29, 20250124 Views

    ඊශ්‍රායල් වැසියන් එරට අගනුවර වන ටෙල් අවිව්හි ඊයේ (28) රාත්‍රියේ යළිත්වරක් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීය. පලස්තීනට…

    අනවසරයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට තැත් කළ ලාංකිකයින් තිදෙනෙකු අල්ලයි

    June 29, 2025

    නීති විරෝධී ලෙස ගෙන්වූ කෝටි තුනක වාහන දෙකක් බණ්ඩාරගමින් හමුවෙයි

    June 29, 2025

    ලොක්කන් තව 18 කට දූෂණ චෝදනා

    June 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.