Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයකින් පස්දෙනෙක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයකින් පස්දෙනෙක් මරුට

    By LFNJune 29, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (28) මෙම අනතුරු සිදුව තිබුණේ නොරොචෝල, වැල්ලවාය, හෝමාගම සහ කනගරායන්කුලම් පොලිස් වසම්වලින්ය.

    නොරොචෝල පොලිස් වසමේ පාලවිය කල්පිටිය මාර්ගයේ දළුව 06 කණුව ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ වම් පස නවතා සිටියදී බස් රථයේ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බස් රථයෙන් බැස බස් රථයේ පසුපස රැඳී සිටියදී පාලවිය දෙස සිට කල්පිටිය දෙසට ධාවනය කරන ලද ලොරි රථයක් එම පුද්ගලයින් දෙදෙනාගේ සහ බස් රථයේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 15 හා 74 යන වයස් වල පසුවන ජාඇළ හා මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

    මේ අතර කනගරායන්කුලම් පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ පුදුකුලම හන්දිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් එක් වරම මාර්ගයේ දකුණට හැරවීමට යාමේදී එම දිශාවටම ගමන් ගත් බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු හා එහි ගමන්කළ දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර වැල්ලවාය පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී ලොරි රථයක් වංගු සහිත බෑවුමක ධාවනය කිරීමේදී ප්‍රපාතයකට පෙරළී යාමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් ලොරි රථයේ රියදුරු බරපතළ තුවාල ලබා වැල්ලවාය රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, දුන්ගොල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර හෝමාගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ පිටිපන හන්දියේදී බස් රථයක අතුරු මාර්ගයකින් පැමිණ හයිලෙවල් මාර්ගයට ඇතුළු කළ යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.‍

    එලෙස මියගොස් ඇත්තේ, මාවත්ගම, හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 202600 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.