Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මල් කැකුළක් වෑන් රියට බිලි

    February 26, 2026

    ආධාර මුදල් වංචා කළ හිටපු සමාජසේවා නිලධාරියා මාට්ටු

    February 26, 2026

    අපු‘ර රජකාලේ පාලමක් බැකෝ දමා ගලවලා

    February 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශපාලනඥයන් 28කගේ වත්කම් ගැන විමර්ශනයක්
    Featured

    දේශපාලනඥයන් 28කගේ වත්කම් ගැන විමර්ශනයක්

    By LFNJune 20, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    අදාළ පුද්ගලයන් අයථා ලෙස ඉපැයූ බව කියන මුදල් යොදවා අදාළ දේපොළ මිලදීගෙන ඇති බවට ලද පැමිණිලිවලට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

    ඒ අනුව නාමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිසකුට්ටි ආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍ය රාසමානික්‍යම්, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හා ශාන්ත අබේසේකර යන අයගේ නම්ද අදාළ විමර්ශනයේ ඇතුළත්ව ඇති බව සඳහන්.

    ඔවුන්ව ඉදිරියේදී අදාළ ඒකකයට ගෙන්වා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවයි වාර්තා වේ.

    මේ අතර හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ දේපළ සම්බන්ධයෙන් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    අදාළ විමර්ශනයේදී යම්කිසිවෙකු අයථා ලෙස මුදල් උපයාගෙන ඇති දේපළ මිලදීගෙන ඇති බවට හෙළි වුවහොත්, ඒවා පවරාගෙන අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව උසස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මල් කැකුළක් වෑන් රියට බිලි

    February 26, 2026

    ආධාර මුදල් වංචා කළ හිටපු සමාජසේවා නිලධාරියා මාට්ටු

    February 26, 2026

    අපු‘ර රජකාලේ පාලමක් බැකෝ දමා ගලවලා

    February 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මල් කැකුළක් වෑන් රියට බිලි

    February 26, 20260119 Views

    කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී සුදු ඉර සහිත පදික මාරුවේදී වෑන් රථයක ගැටුණු…

    ආධාර මුදල් වංචා කළ හිටපු සමාජසේවා නිලධාරියා මාට්ටු

    February 26, 2026

    අපු‘ර රජකාලේ පාලමක් බැකෝ දමා ගලවලා

    February 26, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුගේ පැටිකිරිය

    February 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.