Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුරකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
    Featured

    මුරකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි

    By LFNJune 16, 2025No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙන්නප්පුව පැබ්රෝනියා මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවසේ මුරකරු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාව වෙන්නප්පුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ සීදුව ප්‍රදේශයේදීය.

    එකකුස උපන් සහෝදරයන් දෙදෙනෙකු වන ඔවුන් දෙදෙනා වයස අවුරුදු 25 සහ 29 යන වයස්වල පසුවන බව පොලීසිය පැවසුවේය.

    සැකකරුවන් දෙදෙනාව සූක්ෂ්ම ලෙස සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් දෙදෙනා අදාළ පොල්වත්තේ හිමිකරුගේ දුරින් ඥාතීන් දෙදෙනෙකු බව ද පොලීසිය පැවසුවේය.

    ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ, තමන් මත්ද්‍රව්‍ය පානය කිරීමට මුදල් නොමැති වීම හේතුවෙන් අදාළ වෑන් රථය රැගෙන ගොස් විකුණා මුදල් සොයාගැනීමට උත්සහ කළ බවය.

    කෙසේවෙතත් මුරකරු වෑන් රථයේ යතුර ඉල්ලූ විට ලබා නොදුන් නිසා ඝාතනය කළ බව ද ඔවුන් පවසා තිබේ.

    පසුව මහනුවරදී වෑන් රථය විකිණීමට සූදානම් වූ අවස්ථාවේදී පොලීසිය පැමිණීම හේතුවෙන් එම ස්ථානයෙන් පලා ආ බවද සැකකරුවන් පවසා තිබේ.

    සැකකරුවන් දෙදෙනා මීට පෙරද අදාළ පොල්වත්තෙන් බලහත්කාරයෙන් පොල් කඩාගෙන යන බව පොලීසිය පැවසීය.

    ඒ අනුව සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පැවසුවේය.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී අසේල උපුලවංශ මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව මූලස්ථාන පොලීසිය මඟින් සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 202505 Views

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට…

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.