Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද පස්වරුවේ මුහුදුබඩ දුම්රිය ධාවනය නතර වෙයිද ?
    Featured

    අද පස්වරුවේ මුහුදුබඩ දුම්රිය ධාවනය නතර වෙයිද ?

    By LFNJune 6, 2025No Comments1 Min Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂ සහිත තත්ත්වයට විසදුම් ඉල්ලා ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට සූදානම් වෙන බව වාර්තා වෙයි.

    අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසන දුම්රිය සාමානාධිකාරීවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර, එහිදී ඔවුන්ට සාධනීය පිළිතුරක් නොලැබුණහොත් ඉහත තීරණය ක්‍රියාක්මක කිරීමට සූදානමින් පසුවෙන බව සඳහන් ය.

    මුහුදුබඩ මාර්ගයේ පානදුර සහ එගොඩඋයන දුම්රිය ස්ථාන අතර දී ඊයේ (5) පෙරවරුවේ දුම්රිය පීල්ලක් කැඩීගොස් තිබෙන දුටු ප්‍රදේශවාසියෙකු ඒ අවස්ථාවේදී කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය නැවැත්වීමට කටයුතු කර සිදුවීමට ගිය විශාල හානියක් වළක්වා ගත්තේය.

    කෙසේ නමුත් සාගරිකා දුම්රිය නවත්වා තිබෙන අතරවාරයේ, තිබූ දෝෂයක් හේතුවෙන් තවත් දුම්රියක් එම මාර්ගයේම මරදානට දෙසට ඉදිරියට පැමිණ තිබුණි.

    ඒ සම්බන්ධයෙන් ඊයේ කළ විමසීමකදී ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පැවසුවේ, මුහුදුබඩ මාර්ගයේ වර්ණාලෝක සංඥා පද්ධතියේ බරපතළ දෝෂයක් හේතුවෙන් මෙවැති තත්ත්වයක් මතුව ඇති බවයි.

    ඊට කඩිනමින් අදාළ සංඥා දෝෂයට විසඳුම් ලබාදිය යුතු බව එම සංගමය දුම්රිය බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබුණි.

    ඒ අනුව ගැටලුවට ක්ෂණිකව විසඳුම් නොලැබුණහොත් මගීන්ගේ ආරක්ෂාව තකා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවයෙන් ඉවත් වීමට සිදුවන බව එම සංගමය ඊයේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.