Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අරුගම්බේ බිකිනි කතාව ගැන නියෝජ්‍ය ඇමති කතාකරයි
    Featured

    අරුගම්බේ බිකිනි කතාව ගැන නියෝජ්‍ය ඇමති කතාකරයි

    By LFNMay 26, 2025No Comments2 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇතැම් කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ තොරතුරු පළකරමින් සංචාරක කර්මාන්තය අඩපණ කිරීමේ උත්සාහයක නිරතවන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.

    ඊයේ (26) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේ මුස්ලිම් ප්‍රජාවගේ සහ ස්වාධීන කණ්ඩායම්වල සහාය ඇතිව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය දරන උත්සාහය ව්‍යර්ත කිරීම ඔවුන්ගේ ප්‍රයත්නය බවය.

    “අරුගම්බේවල අපි දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා බිකිනි තහනම් වගේ ඉංග්‍රීසියෙන් සකස් කරන ලද ප්‍රකාශනයක්. කොළඹ මහනගර සභාව සහ තීරණාත්මක අපේ ප්‍රාදේශීයසභා නගරසභා ගණනාවක් මේ වෙලාවේ මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගයෙන් ස්වාධීන කණ්ඩායම්වල සහයෝගයෙන් පළාත් පාලන ආයතනවල ජාතික ජනබලවේගයේ බලය පිහිටුවන්න අපි සූදානම් වෙන අවස්ථාව. මේවා ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු ප්‍රවර්ධනය කරලා මේ දරණ උත්සහයක් තමයි මෙතන අපි නිරීක්ෂණය කළේ.”

    “ඇත්තටම සිද්ධියක් වෙලා තියෙනවා සති කිහිපයකට පෙර මේ ආරුගම්බේ ප්‍රදේශයේ නිරුවතින් යම්කිසි පුද්ගලයෙක් අවිදගෙන ගිහින් තියෙනවා ප්‍රධාන මාර්ගයේ. ඇත්තටම එකත් යම්කිසි කණ්ඩායමක් විසින් සංවිධානය කළ කඩාකප්පල්කාරි ක්‍රියාවක් ද කියලා අපි සැක කරනවා.”

    “මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතිය ඒ අයගේ ආගමික විශ්වාසයන් පිළිබඳව අපගේ පූර්ණ ගෞරවය තියෙනවා. ඒ වගේම එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය අපි වසර ගණනාවක් පුරා සිදුකරනවා. මේක මේ හදිසියේ 2025 ආපු එකක් නෙමෙයි. ඉතින් මේ බංකොළොත් දේශපාලන කණ්ඩායම්වලට මේ උත්සහයන් තවදුරටත් සිදුකරන පුළුවන් වෙයි කියලා.”

    “මේ කණ්ඩායම් මේ දියවෙමින් තියෙන්නේ. මේ එයාලගේ දේශපාලන ව්‍යාපාරය දිවෙන එක වහගන්න ගත්ත උත්සහයක් මේක.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026011 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.