Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනයක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනී

    September 11, 2025

    හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි

    September 11, 2025

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජපාන ආරක්‍ෂක ඇමති මෙරට ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයට යයි
    Featured

    ජපාන ආරක්‍ෂක ඇමති මෙරට ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයට යයි

    By LFNMay 5, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරටට පැමිණි ජපාන ආරක්‍ෂක අමාත්‍ය Nakatani Gen මහතා සමඟින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මහතා, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය Kano Koji මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ උදෑසන (04) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණ තිබුණි.

    ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණි ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයා වෙත ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් පුද කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ඔහු ඇතුළු ජපන් දූත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

    ඉන් අනතුරුව පැවති සාකච්ඡාවලදී, ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සහ සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම අවධාරණය කළහ.

    ආපදා කළමනාකරණය, දේශසීමා හරහා සිදුවන මිනිස් ජාවාරම වැළැක්වීම සහ සාගර කලාප ආශ්‍රිතව රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ නීති විරෝධී මෙහෙයුම්වලට එරෙහිව සටන් කිරීම වැනි තීරණාත්මක ක්ෂේත්‍රවල සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කෙරිණි.

    ඒකාබද්ධ ප්‍රයත්නයන් තුළින් සාමය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින්, වඩාත් ආරක්‍ෂිත සහ ස්ථාවර ඉන්දියානු සාගර කලාපයක් පවත්වා ගැනීම සඳහා වන ඔවුන්ගේ පොදු දැක්ම පිළිබඳව ද එහිදී අවධාරණය කළහ.

    ජපාන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ ආරක්‍ෂක සහයෝගීතාවන් ඉහළ නැංවීමේ අරමුණින් ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා පසුගිය (03) ශ්‍රී ලංකාවට පැමිණියේය.

    ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහ ආපදා කළමනාකරණ හා සම්බන්ධ මුලපිරීම් සඳහා එක්ව කටයුතු කිරීමට මෙන්ම, ඒකාබද්ධ පුහුණුවීම් සහ අභ්‍යාස සඳහා පවතින අවස්ථා ගවේෂණය කිරීමට මෙන්ම තොරතුරු බෙදා ගැනීමට දෙරටේම කැපවීම මෙම හමුවේදී අවධාරණය කරන ලදි.

    මෙරට ක්‍රියාත්මක ආපදා අවදානම් කළමනාකරණය, වෙරළාරක්‍ෂක මෙහෙයුම් සහ පුහුණු අවස්ථා සඳහා ජපානයේ දිගුකාලීන සහ අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) සිය කෘතඥතාව පළ කර තිබේ.

    ශ්‍රී ලංකාවේ සමුද්‍රීය නිරීක්‍ෂණ කටයුතු, කාලගුණ විද්‍යා වෙනස්වීම් පිළිබඳ දැනුවත් කිරීම සහ වෙරළාරක්‍ෂක මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා ජපානය විසින් ලබාදෙන සහාය ද ඒ මහතා මෙහිදී පැසසුමට ලක් කර ඇත.

    ජපන් දූත පිරිසට ආරක්‍ෂක අමාත්‍යාංශයේ විශේෂ උපදේශක ලුතිනන් ජෙනරල් Bansho Koichiro (විශ්‍රාමික), ඒකාබද්ධ කාර්ය මණ්ඩලයේ උප මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් Matsunaga_Koji ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන් කිහිප දෙනෙකු ද ඇතුළත් වූහ.

    ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික), ජාතික බුද්ධි ප්‍රධානි ඇතුළු ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්,ත්‍රිවිධ හමුදාපතිවරුන්, නැගෙනහිර ආසියානු අංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ සහකාර අධ්‍යක්‍ෂ ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරු ද සහභාගි වී තිබේ.

    පසුව ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු දුත පිරිස බොරැල්ල සුසාන භූමියට ගොස් දෙවන ලෝක යුද්ධයේදී මෙරට දී මියගිය ජපන් ජාතිකයන් සැමරීම සඳහා එහි පිහිටුවා ඇති ස්මාරකය අසලදී පුෂ්පෝපහාර දක්වා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනයක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනී

    September 11, 2025

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025

    අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි

    September 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,364 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනයක් ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනී

    September 11, 20250124 Views

    තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ…

    හිටපු ජනපති මහින්ද විජේරාම නිල නිවසින් පිටව යයි

    September 11, 2025

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    September 11, 2025

    අමාත්‍යවරු ඇතුළු රජයේ පාර්ශව කිහිපයකට නොතීසි

    September 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.