Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජපාන ආරක්‍ෂක ඇමති මෙරට ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයට යයි
    Featured

    ජපාන ආරක්‍ෂක ඇමති මෙරට ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයට යයි

    By LFNMay 5, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරටට පැමිණි ජපාන ආරක්‍ෂක අමාත්‍ය Nakatani Gen මහතා සමඟින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මහතා, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය Kano Koji මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ උදෑසන (04) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණ තිබුණි.

    ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණි ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයා වෙත ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් පුද කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ඔහු ඇතුළු ජපන් දූත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

    ඉන් අනතුරුව පැවති සාකච්ඡාවලදී, ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සහ සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම අවධාරණය කළහ.

    ආපදා කළමනාකරණය, දේශසීමා හරහා සිදුවන මිනිස් ජාවාරම වැළැක්වීම සහ සාගර කලාප ආශ්‍රිතව රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ නීති විරෝධී මෙහෙයුම්වලට එරෙහිව සටන් කිරීම වැනි තීරණාත්මක ක්ෂේත්‍රවල සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කෙරිණි.

    ඒකාබද්ධ ප්‍රයත්නයන් තුළින් සාමය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින්, වඩාත් ආරක්‍ෂිත සහ ස්ථාවර ඉන්දියානු සාගර කලාපයක් පවත්වා ගැනීම සඳහා වන ඔවුන්ගේ පොදු දැක්ම පිළිබඳව ද එහිදී අවධාරණය කළහ.

    ජපාන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ ආරක්‍ෂක සහයෝගීතාවන් ඉහළ නැංවීමේ අරමුණින් ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා පසුගිය (03) ශ්‍රී ලංකාවට පැමිණියේය.

    ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහ ආපදා කළමනාකරණ හා සම්බන්ධ මුලපිරීම් සඳහා එක්ව කටයුතු කිරීමට මෙන්ම, ඒකාබද්ධ පුහුණුවීම් සහ අභ්‍යාස සඳහා පවතින අවස්ථා ගවේෂණය කිරීමට මෙන්ම තොරතුරු බෙදා ගැනීමට දෙරටේම කැපවීම මෙම හමුවේදී අවධාරණය කරන ලදි.

    මෙරට ක්‍රියාත්මක ආපදා අවදානම් කළමනාකරණය, වෙරළාරක්‍ෂක මෙහෙයුම් සහ පුහුණු අවස්ථා සඳහා ජපානයේ දිගුකාලීන සහ අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) සිය කෘතඥතාව පළ කර තිබේ.

    ශ්‍රී ලංකාවේ සමුද්‍රීය නිරීක්‍ෂණ කටයුතු, කාලගුණ විද්‍යා වෙනස්වීම් පිළිබඳ දැනුවත් කිරීම සහ වෙරළාරක්‍ෂක මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා ජපානය විසින් ලබාදෙන සහාය ද ඒ මහතා මෙහිදී පැසසුමට ලක් කර ඇත.

    ජපන් දූත පිරිසට ආරක්‍ෂක අමාත්‍යාංශයේ විශේෂ උපදේශක ලුතිනන් ජෙනරල් Bansho Koichiro (විශ්‍රාමික), ඒකාබද්ධ කාර්ය මණ්ඩලයේ උප මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් Matsunaga_Koji ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන් කිහිප දෙනෙකු ද ඇතුළත් වූහ.

    ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික), ජාතික බුද්ධි ප්‍රධානි ඇතුළු ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්,ත්‍රිවිධ හමුදාපතිවරුන්, නැගෙනහිර ආසියානු අංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ සහකාර අධ්‍යක්‍ෂ ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරු ද සහභාගි වී තිබේ.

    පසුව ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු දුත පිරිස බොරැල්ල සුසාන භූමියට ගොස් දෙවන ලෝක යුද්ධයේදී මෙරට දී මියගිය ජපන් ජාතිකයන් සැමරීම සඳහා එහි පිහිටුවා ඇති ස්මාරකය අසලදී පුෂ්පෝපහාර දක්වා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.