Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දශකයකට පසුව සිදුවන දරුණුතම හිම පතනය
    Featured

    දශකයකට පසුව සිදුවන දරුණුතම හිම පතනය

    By LFNJanuary 6, 2025No Comments1 Min Read172 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    හිම කුණාටුවේ අවදානම හේතුවෙන් වර්ජිනියා ඇතුළු ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය.

    හිම කුණාටුවත් සමග ඇතිවන හිම පතනය, දශකයකට පමණ පසුව සිදුවන දරුණුතම හිම පතනය විය හැකි බව අමෙරිකානු කාලගුණ බලධාරීන් සඳහන් කර ඇත.

    මේ අතර පවතින ශීතාධික කාලගුණ තත්ත්වයෙන් බ්‍රිතාන්‍යයේ ද ප්‍රදේශ රැසකටම බලපෑම් එල්ල වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 11ක පමණ අගයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    අධික හිමපතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන්තොටුපොළ කිහිපයක මෙහෙයුම් කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

    මේ හේතුවෙන් මැන්චෙස්ටර්, බර්මින්හැම් ඇතුළු ගුවන්තොටුපොළ කිහිපයකම ධාවන පථ තාවකාලිකව වසා දැමීමට ද සිදුව ඇති බව සඳහන්ය.

    උතුරු දිග එංගලන්තයේ ඇතැම් ප්‍රදේශවලට සෙන්ටිමීටර 25ක පමණ හිමපතනයක් සිදුවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද බාධා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    මේ අතර ජර්මනියේ ද පවතින අධික හිම සහිත තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.