Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නවකවධය සම්බන්ධයෙන් UGCයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    July 9, 2025

    ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

    July 9, 2025

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට – මාර්ග අවහිර වෙයි
    Local News

    ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට – මාර්ග අවහිර වෙයි

    By LFNAugust 19, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර ඒ අවට පහත් බිම් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

    හැමිල්ටන් ඇළ සහ ලුණු ඔය පීටර ගැලීම හේතුවෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය අද (19) අලුයම 01.30 සිට ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී තිබේ.

    ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදු වී ඇති බව වාර්තාවේ.

    මෙම මාර්ග හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට තෝඩුවාව පොලීසිය දැනුම් දී ඇත.

    මෙම මාර්ගයේ ගමන් කළ රථ වාහන කිහිපයක් ජලයට අසුවී ධාවනය කිරීමට නොහැකිව නතර වී තිබු බවය.

    මේ අතර, කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් මේ වන විට විවෘත කර ඇති බව වාර්තා වේ.

    ඒ අනුව, ඉන් තත්පරයට ඝන මීටර 53ක ජල ධාරිතාවක් කුඩා ගඟ වෙත මුදා හැරෙන අතර කුඩා ගඟා පිටාර ගැලීම හේතුවෙන් ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබේ.

    බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ දඹල සහ ඇටඹගස් හන්දිය යන ප්‍රදේශවල මාර්ග, පහත්බිම් සහ නිවාස ද මේ වන විට ජලයෙන් යටවී පවතින බව වාර්තාවේ.

    එමෙන්ම බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙන අතර බුලත්සිංහල සිට මෝල්කාව, ලත්පදුර, කෙලින්කන්ද ආදී ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.

    එමෙන්ම මහවැව, ලුණූ ඔය හා හැමිල්ටන් ඇළ පිටාර ගැනීමත් සමඟ කොළඹ – පුත්තලම මාර්ගය මහවැව නගරය ආසන්නයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ලව ඇත.

    ඒ අනුව මේ වන විට මහවැව තනිවැල්ල දේවාලයේ සිට මහවැව නගරය දක්වා මාර්ගය ජලයෙන් පිරී ඇති හෙයින් රථවාහන ගමනා ගමනය ඉතා අවදානම් බව මාදම්පේ හා මාරවිල පොලිස්ථාන වලින් දැනුම් දී තිබේ.‍

    මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර, පුත්තලම සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් 2,354 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්

    July 8, 2025

    පොලීසියේ පුරප්පාඩු 28,000ක්

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,316 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20252,513 Views
    Don't Miss

    නවකවධය සම්බන්ධයෙන් UGCයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    July 9, 202503 Views

    විශ්වවිද්‍යාලවල නවකවධය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර…

    ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

    July 9, 2025

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.