Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 2025

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෛත්‍රී ඇතුළු පිරිසට ශ්‍රේෂ්ඨාධිකරණය කල්දෙයි
    Featured

    මෛත්‍රී ඇතුළු පිරිසට ශ්‍රේෂ්ඨාධිකරණය කල්දෙයි

    By LFNJune 5, 2024No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නේද? නැද්ද? යන තීරණය දැනුම්දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසකට කල් ලබාදුන්නේය.

    තමන්ව තනතුරින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත්කළ අභියාචනා පෙත්සමක් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

    එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩ බලන මහලේකම් සරත් ඒකනායක යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ පෙත්සම්කරුට එරෙහිව නිකුත් ලිපිය ඉවත් කර ගන්නේද? නැත්ද? යන තීරණය දැනුම් දීම සඳහා කල් ලබාදෙන ලෙසට ය.

    ඒ අනුව පෙත්සම යලි ජූනි 25 වනදා කැඳවීමට නියමකළ අධිකරණය එදින මෙම තීරණය දැනුම් දෙන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක යන මහත්වරුන්ට නියෝග කළේය.

    සිය පක්ෂ සාමාජිකත්වය සහ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා ඉකුත් වසරේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

    එහෙත් දයාසිරි ජයසේකර මහතා ඉවත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

    එම තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ ද එම අධිකරණය විසින් ද අදාළ වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි.

    ඉන් අනතුරුව අදාළ අධිකරණ තීන්දුවට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 2025

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,388 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 20250119 Views

    රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට…

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025

    ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනයට කැබිනට් අනුමැතිය

    November 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.