Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 2025

    ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා

    July 4, 2025

    පුද්ගලයින්ගෙන් කටඋත්තර ගැනීම ගැන චක්‍රලේඛයක්

    July 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්
    Featured

    මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

    By LFNMay 6, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අනාවරණය කරයි.

    අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අනාවරණය කරමින් ඔහු කියා සිටියේ, මෙම කරුණු සඟවමින් වැටුප් වැඩි කරගත් මහබැංකු අධිපතිවරයා සහ පාලනාධිකාරිය ඉල්ලා අස්විය යුතු බවය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා,

    “ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වසරේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 114ක්. 2022 වසරේ ශුද්ධ අලාභය බිලියන 374ක්. යම් ආයතනයක් දිගින් දිගටම පාඩු ලබනවා නම් ඒ ආයතනයේ සේවකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරනවා. ප්‍රසාද දීමනා නවත්වනවා. වැටුප් වැඩි කිරීම් අත්හිටුවනවා. ඒත් මහ බැංකුව ලංකා ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩි වීම ලබා දෙන්නේ ආයතනය අඛණ්ඩව වසර ගණනාවක් බිලියන ගණනින් පාඩු ලබන අවස්ථාවකයි. ඒ වගේම ලාභ ලැබුවත් මහ බැංකුවේ තිබෙන්නේ මහජන මුදල්. මහ බැංකුව ලාභ ලබන පළමු ක්‍රමය තමයි ආණ්ඩුවට සහ බැංකුවලට ණයට සල්ලි දීලා පොලී ආදායම ලැබීම. සල්ලි අච්චු ගැසීමේ ඒකාධිකාරිය මහ බැංකුවට තිබෙන නිසායි එහෙම ණයට දෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒ වගේම ආණ්ඩුවේ නිල විදේශ විනිමය සංචිතය කළමනාකරණයෙන් ලැබූ ලාභත් මහ බැංකුවේ ආදායමක්. ඒ කියන්නේ මහ බැංකුවේ තිබෙන්නේ මහජන මුදල්. ඒ නිසා රටම රවටලා තමන් මහජන මුදලින් නඩත්තු වෙන්නේ නෑ කියන බොරුව කියමින් පාඩු ලබන අතරේ වැටුප් වැඩිවීම් කලාට මහ බැංකුවේ අධිපතිතුමන් සහ පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 2025

    ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා

    July 4, 2025

    පුද්ගලයින්ගෙන් කටඋත්තර ගැනීම ගැන චක්‍රලේඛයක්

    July 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,310 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,506 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,939 Views
    Don't Miss

    අලි වැටේ විදුලිය විසන්ධි කරන්න ගිය පුද්ගලයා වනඅලි ප්‍රහාරයකින් මරුට

    July 4, 20250115 Views

    තඹුත්තේගම පොලිස් වසමේ මලියදේවපුර ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකට ලක්වී ඊයේ (03) පුද්ගලයෙකු මිය ගොස් තිබේ. මෙසේ…

    ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා

    July 4, 2025

    පුද්ගලයින්ගෙන් කටඋත්තර ගැනීම ගැන චක්‍රලේඛයක්

    July 4, 2025

    කල්බදු සමාගමක සීසර්ලා වාහනහිමියෙකුට කළ අපරාධය

    July 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.