Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ්

    July 4, 2025

    ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති

    July 4, 2025

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි බිල අඩු කිරීම ගැන ඇමති කංචනගෙන් සහතිකයක්
    Featured

    විදුලි බිල අඩු කිරීම ගැන ඇමති කංචනගෙන් සහතිකයක්

    By LFNFebruary 21, 2024No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලිබල අමාත්‍යාංශය මීට පෙර බලාපොරොත්තු වූ මුදලට වඩා වැඩි මුදලකින් විදුලිබිල පහත දැමීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    ඒ අනුව විදුලිබල මණ්ඩලයේ යෝජනාව ලැබුණු පසු විදුලිබිල අඩු කිරීම සඳහා වන යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරන බව ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

    “පසුගිය දෙසැම්බර් මාසයේ කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා විදුලි බිල සංශෝධනය කළ යුතුයි කියලා පෙබරවාරි මාසයේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය ඔවුන්ගේ යෝජනාව දීලා තියෙනවා මහජන උපයෝගිතා කොමිසමට. ඒ අතරතුර අපි ඉල්ලීමක් කළා විවිධ පාර්ශ්වයන්ගෙන් විදුලි බිල සම්බන්ධයෙන් තියෙන යෝජනා, ඔවුන් දකින ගැටලු පිළිබඳ යෝජනා අපට ලබා දෙන්න කියලා. ඒ සාකච්ඡාවට විවිධ පාර්ශ්ව සම්බන්ධ වුණා. විශ්වවිද්‍යාල නියෝජනය කරන ඉංජිනේරු සංගම්, ඉංජිනේරුවන්, විදුලිබල ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් ඇතුළු 40ට ආසන්න පිරිසක් සම්බන්ධ වුණා. ඔවුන් යෝජනා ලබා දුන්නා.

    ඒ වගේම පසුගිය 15 වැනිදා මහජන උපයෝගිතා කොමිසම මහජන අදහස් සඳහා විවෘත කළා. එහිදීද යම් යම් අදහස් දීලා තියෙනවා. ඒ අනුව මේ අදහස් දෙකම එකතු කරලා අමාත්‍යාංශයෙන් උපදෙස් දීලා තියෙනවා විදුලි බල මණ්ඩලයට. ඒ අනුව සංශෝධනය කරපු විදුලි ගාස්තු අය කිරීම ගැන යෝජනාව මම හිතනවා බදාදා හෝ බ්‍රහස්පතින්දා විදුලිබල මණ්ඩලය ලබා දෙන්න කටයුතු කරයි. අප මීට පෙර බලාපොරොත්තු වුණාට වැඩිය අඩු කිරීමක් විදුලි බිල තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ යෝජනාව අපි මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරනවා. ඒ අනුව ඔවුන්ගේ යෝජනාව සඳහාත් තීරණය ගනියි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති

    July 4, 2025

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,311 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,506 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,940 Views
    Don't Miss

    හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ්

    July 4, 20250121 Views

    හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. එ අනුව…

    ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති

    July 4, 2025

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.