Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති පුනරින් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක
    Featured

    ජනපති පුනරින් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක

    By LFNJanuary 6, 2024No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ පුනරින් ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

    නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරින් නගර සංවර්ධන සැලසුම සමාලෝචනය කිරීමට පුනරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට ද ජනාධිපතිවරයා මෙහි දී එක් වී ඇත.

    නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පුනරින් නගරය සංවර්ධනය සඳහා 2024 අය වැය මගින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

    ඒ අනුව අදාළ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, එහි දී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද දැනුම් දී ඇත.

    ඉන් අනතුරු ව පුනරින්හි පිහිටි ඓතිහාසික ලන්දේසි බලකොටුව නිරීක්ෂණය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වී තිබේ.

    මේ අතර, පුනරින් ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන උසස් තත්ත්වයේ කජු නිෂ්පාදන ආයතනයක් වන ‘වන්නි කැෂූ’ කජු නිෂ්පාදන ආයතනය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු ද නිරීක්ෂණය කළේය.

    යාන්ත්‍රික ඉංජිනේරුවරියක වන තරුණියක් විසින් පවත්වාගෙන යනු ලබන මෙම කර්මාන්ත ආයතනය තුළ යුද්ධයෙන් පීඩාවට පත් තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා උත්පාදනය කර දී තිබේ.

    නවීන තාක්ෂණයෙන් සමන්විත ව මෙහි සියලු කටයුතු සිදු වන අතර, කජු ලෙලි ගැසීමේ සිට එහි අවසන් නිමැවුම දක්වා භාවිතයට ගැනෙන සියලු යන්ත්‍ර සූත්‍ර අදාළ තරුණිය විසින්ම නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි.

    මෙම කර්මාන්ත ආයතනය මඟින් ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගය කළ ජනාධිපතිවරයා මෙය රටේ අනෙකුත් තරුණ තරුණියන්ට ද මහගු ආදර්ශයක් බව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 20250117 Views

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ‍ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම…

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025

    නාය අවදානමක් හේතුවෙන් බදුල්ලේ රෝහලක් වසා දමයි

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.