Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චෝදනාවලට කෝප් කමිටු සභාපතිගෙන් පිළිතුරු
    Featured

    චෝදනාවලට කෝප් කමිටු සභාපතිගෙන් පිළිතුරු

    By LFNNovember 17, 2023No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිය පුත්‍රයා කෝප් කමිටු පරිශ්‍රයේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ තමන් කළ ඉල්ලීමට අනුව තම සම්බන්ධීකරණ ලේකම් කණිෂ්ක බණ්ඩාර මහතාට කෝප් කමිටුව පැවැත්වෙන පරිශ්‍රයේ රැඳී සිටිමට 2022 ඔක්තෝබර් 13 වනදා පාර්ලිමේන්තුවේ සහකාර වේත්‍රධාරියා අවසර ලබාදී ඇති බවය.

    එසේම මීට පෙර වෙනත් විෂයන් සම්බන්ධයෙන් කෝප් කමිටු රැස්වීම් පැවැත්වූ අවස්ථාවන්හිද කණිෂ්ක බණ්ඩාර මහතා එම පරිශ්‍රයේ රැඳී සිට ඇති බව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නිකුත් කළ ලිපියේ දැක්වෙයි.

    එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ආරම්භ කළ ක්‍රිකට් කැම්පස් ව්‍යාපෘතියක උපදේශකයෙකු ලෙස තමන් සේවය සපයන බවට එල්ල වූ චෝදනාවටද මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද ප්‍රතිචාර දැක්වීය.

    ඒ මහතා පවසන්නේ 2018 වසරේ ක්‍රිකට් ආයතනයේ තිලංග සුමතිපාල මහතා සභාපතිධුරය දැරූ කාලවකවානුවේ ක්‍රිකට් පාසලක් ආරම්භ කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් සකස් කර දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ අතර කොළඹ ව්‍යාපාර පාසල වෙනුවෙන් එම කටයුත්තේ ප්‍රධාන උපදේශකයකු ලෙස කටයුතු කිරීමට තමන් එකඟ වූ බවය.

    කෙසේ වෙතත් එම කටයුත්ත අතරමැද නැවතුනු අතර ඒ වෙනුවෙන් කිසිදු අයකිරීමක් සිදුනොකළ බවද මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සිය නිවේදනයෙන් පැහැදිලි කර සිටියි.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලය ඉදිකිරීම සඳහාවන ව්‍යාපෘතියේ සංකල්ප පත්‍රිකාව සකස් කිරීම සඳහා Colombo School of Business and Management ආයතනය වෙනුවෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව කටයුතු කළද ඒ වෙනුවෙන් ඒ මහතාට කිසිදු ගෙවීමක් කර නොමැති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202603 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.