Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 2025

    මිනුවන්ගොඩට තද සුළං

    December 18, 2025

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහලේකම් පුටුවට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් අතර තියුණු තරගයක්
    Featured

    මහලේකම් පුටුවට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් අතර තියුණු තරගයක්

    By LFNSeptember 19, 2023No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    කෙසේවෙතත් මෙම ජ්‍යෙෂ්ඨයින් අතර ඉදිරියෙන්ම පසුවන්නේ දුමින්ද දිසානායක මහතා බව ද වාර්තා වේ.

    පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ සරත් ඒකනායක මහතා ද මෙම තනතුර සඳහා දැඩි උනන්දුවකින් පසුවන බව වාර්තා වේ.

    දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කර වැඩබලන මහලේකම්වරයා ලෙස නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා පත්කරනු ලැබුව ද එම තනතුරේ වැඩබැලීම අධිකරණය විසින් පසුගියදා වළක්වනු ලැබීය.

    ඒ අනුව එම ධුරයේ වැඩ ආරවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පසුගිය සඳුදා පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී පත්කිරීමට පියවර ගත්තේය.

    කෙසේවෙතත් ඉදිරියේ දී ස්ථිර මහලේකම්වරයෙකු පත් කිරීමට නියමිතව පවතින අතර ඒ සඳහා මෙම තරගය නිර්මාණය වී ඇති බව සඳහන්ය.

    විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් සන්ධානයක් බිහිවන්නේ නම් මහලේකම් ධුරය සඳහා දුමින්ද දිසානායක මහතා පත්කිරීම ඉතා සුදුසු බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පවසා ඇත.

    අද (19) මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් සරත් ඒකනායක මහතා සඳහන් කළේ, කිසිදු හේතුවක් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවත් සමග එක්ව කටයුතු නොකරනු ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 2025

    මිනුවන්ගොඩට තද සුළං

    December 18, 2025

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 20250113 Views

    ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ළමුන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නොඉල්ලන ලෙසත් ඒ…

    මිනුවන්ගොඩට තද සුළං

    December 18, 2025

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025

    උඩදුම්බරට මි.මී 200ට වැඩි වැස්සක් – අනතුරුදායක තැන් මඟ හැර ජීවිත රැකගන්න

    December 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.